මුලින්ම පෙරපාසල් යැවීමට පෙර බබාව සූදානම් කරන්නේ කොහොමද?

Categories මුල් ළමා අවධියPosted on

සාමාන්‍යයෙන් බබාට වයස අවුරුදු 4,5 පමණ වන විට පෙරපාසල් යවනවා. හැබැයි මුලින්ම පෙරපාසල් යවන්න බබාව සූදානම් කරන එක නම් එතරම් ලේසි දෙයක් නම් නෙවෙයි. මොකද බබා ඔයාගෙන් ඈත්වෙලා ඉන්න අකමැතියි. ඒ නිසා බබාව පෙර පාසලට ඇතුළත් කරන්න කලින් බබාව ධනාත්මකව සූදානම් කරන්න.

– ඇතුළත් කරන්න කලින්ම පෙර පාසල නැරඹීමට ගෙන යන්න. එමඟින් පරිසරය හා ගුරුවරුන් හුරු කරවන්න පුළුවන්.

– පෙර පාසැල් ආශ්‍රිත ක්‍රියාකාරකම් වල ගෙදරදීම නිරත වෙන්න බබාට ඉඩදෙන්න. බබාගේ වයසේම බබාලත් සමඟ සෙල්ලම් කරන්න ඉඩ දෙනවා නම් තවත් වටිනවා.

– උදේට කලබලකාරී වෙන්න එපා. උදෑසන වේලාසනින් අවදි කරන්න.

– ඕනෑම වේලාවක ඇයට කනස්සල්ලක් හෝ කලකිරීමක් ඇති වුණොත් ඇයගේ සිත සතුටු කරන්න, ඇයගේ ප්‍රියතම දෙයක් බෑගයේ අසුරන්න.

– පෙර පාසල් ආරම්භ වීමට කලින් එහි ඇරලවන්න.

– පෙර පාසල් ගමන බබාට ප්‍රියජනක ස්ථානයක් කරන්න.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *