බබා ආදරේ අම්මටද? තාත්තටද?

Categories අලුත උපන්Posted on

අලුත උපන් බබාව ගෙදර ගේනකම් ඔයාටත් වඩා බබාගේ තාත්තා ඉන්නේ ගොඩක් ආසාවෙන්. බබාගේ ඔයාගේ කුසට ආව දවසේ ඉඳන් බබාගේ වගකීම් බාර ගන්න බබාගේ තාත්තා ගොඩක් උනන්දුවෙන් ඉන්නේ. එත් බබා ගොඩාක් හුරු වෙන්නේ ඔයාට. මොකද බබා මුල් මාස කිහිපයම පෝෂණය වෙන්නේ මව්කිරි වලින් නිසයි. එත් ඔයාට වැඩ තියන වෙලාවට බබාව තාත්තට හුරුකරලා තියන එක ලොකු පහසුවක් . අන්න ඒ නිසාම අපි අද කියලා දෙන්නේ බබාගෙයි තාත්තගෙයි බැඳීම් වර්ධනය කරන්නේ කොහොමද කියලා.

 

– ඔයා නිතරම බබාට කතා කරන්න.

එවිට බබාට ඔයාගේ කටහඬ හුරු වෙනවා.ඉබේම ඔයාලා දෙන්නගේ බැඳීම් තව තවත් ශක්තිමත් වෙනවා.

– හැකි සෑම අවස්ථාවකදිම බබාට උණුසුම ලබා දෙන්න.

බබා නිතරම ඉන්නේ මවගේ උණුසුම , එත් බබාගේ වර්ධනයට ඔයාගේ උණුසුම ගොඩාක් අවශ්‍ය වෙනවා. ඒ නිසාම ඔයාට පුළුවන් හැම වෙලේම බබාට ඔයාගේ උණුසුම ලබා දෙන්න.

 

– බබා එක්ක සෙල්ලම් කරන්න.

බබාලා සෙල්ලමට හරිම කැමතියි. ඉතිං එයාලා එක්ක නිතරම සෙල්ලම් කරන විට බබා ඉබේම ඔයාට ලං වෙනවා.

– බබාගේ අවශ්‍යතා තේරුම් ගන්න.

බබාලා පොඩි කාලේ එයාලගේ අවශ්‍යතා,අපහසුතා සියල්ලටම කරන්නේ අඩන එකනේ. ඒ නිසා බබා අඩන්නේ අයි කියලා ඔයාට තේරුම් ගන්න හැකියාවක් ගොඩනගා ගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *