බබාගේ ඔළුවේ උකුණෝ වැහි වැහලද ?

Categories මුල් ළමා අවධියPosted on

ගොඩක් වෙලාවට බබාලා ඉස්කෝලේ යන්න පටන් ගත්තම තමා උකුණෝ බෝ වෙන්නේ.මොකද එක එක ළමයින් සමග ඇසුරු කරන නිසා බබාට උකුණෝ බෝ වෙන්න තියෙන ප්‍රවනතාවය වැඩි.මේ උකුණෝ කියන්නේ වෛරස් එකක්වත් බැක්ටීරියා එකක්වත් නෙමෙයි. උකුණෝ ඇති කෙනෙක් පාවිච්චි කරපු පනාවක්,තොප්පිය,තුවායක් වැනි දෙයක් පාවිච්චි කරාම තමා උකුණෝ බෝ වෙන්නේ.

මෙන්න ඒ වදකාරි උකුණෝ සදහටම මට්ටු කරලා දමන්න ප්‍රතිකර්මයන්.

– පොල්තෙල් ස්වල්පයක් ගෙන රත්කරලා බබාගේ හිස් කබලේ ගලා විනාඩි 5ක් පමණ සම්බාහනය කරලා හොඳින් පීරා දමන්න.

– සුදුළුණු බික් 8-10 ත් පමණ දෙහි යුෂ තේ හැඳි 2ක් සමග අඹරා හිස් කබලේ ආලේප කර විනාඩි 15ක් පමණ තියල උණු වතුරින් සෝදා හරින්න.

– ෂැම්පු වලට කොහොඹ තෙල් ස්වල්පයක් දමා හිස් කබලේ ආලේප කර විනාඩි 5ක් පමණ සම්බාහනය කරලා සෝදා හරින්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *