ඔයාගේ බබාගේ කකුල් බකල ද?

Categories වැදගත් උපදෙස්Posted on

බබා ඉපදුනාම බබාගේ කකුල් බකල ද කියලා ඔයාට හරියටම කියන්න අමාරුයි. එත් මේ දේ ගැන ඔයා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද බබාට බකල කකුල් පිහිටුනොත් බබාගේ පෞර්ෂයට අනාගතේදී ලොකුවට බලපානවා. මොකද්ද මේ කකුල් බකල වෙනවා කියන්නේ කියලා ඔයා හොදින් දැනුවත් වෙන්න ඕනේ.ගොඩාක් වෙලාවට බබාලා ඉපදෙද්දීම් කකුල් බකලයි. නමුත් බබාට වයස අවුරුද්දක් දෙකක් යද්දී ඉබේම මගහැරෙනවා,එත් එහෙම නොවුනොත් බබාව වෛද්‍යවරයෙක් ලඟට ගෙනියන්න ඕනේ.

බකල කකුල් ඇති වීමට හේතු

– බබාලා ස්වෝත්සහයෙන් නැගී සිටීමට පෙර ඔයාලා බබාව නැගිට්ටවන්න උත්සාහ දැරීම.

– බබාගේ අධි බර තත්ත්වය නිසා සිරුරේ බර පාදවලින් දරා සිටීමට අපහසු වීම.

– ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය

– මාංශ පේශිවල දුර්වලතා

– බබා නිසි වයසට පෙර සිටගන්නා විට

– ඇවිද්ද වීමේ උපකරණවල (walker) යෙදවීම

– ‘රිකට්ස්’ නම් වූ රෝගී තත්ත්වය

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *