ඔයාගේ බබාත් රූපවාහිනියට ඇබ්බැහි වෙලාද?

Categories මුල් ළමා අවධියPosted on

අද කාලේ ඔයාලා ගොඩාක් කාර්යබහුල නිසා බබාලාගේ වැඩ වලින් මිදෙන්න බබාව tv බලන්න හුරු කරනවා. බබාට කවන්න අමාරු නිසා ඔයා කරන්නේ බබාව රූපවාහිනිය ලඟට තියාගෙන කාටුන් බලන්න පුරුදු කරනවා. දැන් ඉතිං බබාව කාටුන් වලින් මුදවාගන්න ඔයාට බැරි වෙලා තියෙනවා. බබාව tv එකට ඇබ්බැහි කරලා තියෙන්නේ ඔයාම තමයි.රූපවාහිනිය සහ වීඩියෝ ගේම්ස් වැඩිපුර භාවිතය නිසා බබාගේ මොළයට හානිවන බව විද්‍යාත්මකව ඔප්පු වී තිබෙනවා. තවද මෙමඟින් බබාගේ නිර්මාණශීලී හැකියාව මොට්ට වීම හෝ මානසික අව පීඩන තත්ත්වයට බබාව ගොදුරු වීම ද සිදුවිය හැකිය.

රුපවාහිනියට ඇබ්බැහි වීම නිසා බබාට සිදුවන හානි

– දිනකට පැය හතරකට වඩා එකදිගට ටී.වී. බලන බබාලා තරබාරු වීමේ ප්‍රවණතාව වැඩියි.

2. වැඩිපුර රූපවාහිනිය නරඹන බබාගේ කියවීමේ හැකියාව අඩුයි.

-මීට හේතු වශයෙන් වෛද්‍යවරු පවසන්නේ රෑපවාහිනී තිරයේ දිස්වන දර්ශන මගින් වම්පස මොළයේ භාෂාවට අදාළ කොටසේ වර්ධනය හීනවන බවයි.

3. වේගවත් ලෙස වෙනස් වන රෑප සහ දර්ශන, තද වර්ණ, වේගවත් රෑප චලන, ක්ෂණිකව ඇතිවන ඝෝෂාකාරී ශබ්දයන් තුළින් බබාගේ අවධානය අඩු වේ.

4 බබා තුළ ඉගෙනීමේ දුබලතාවක් හටගත හැකිය.

– රූපවාහිනිය තුළ දක්නට ලැබෙන ඇතැම් දේවල් තුළින් දරුවාගේ මනස විකෘති වීමක් ද සිදුවිය හැකි වෙනවා.

5 මත්ද්‍රව්‍ය පාවිච්චියට හුරු වෙනවා.

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *