රැකියාවට යන්න කළින් බබාගේ කටයුතු සැලසුම් හැටි.

Categories වැදගත් උපදෙස්Posted on

බබා ලැබිලා නැවත රැකියා යන ඕනී.ඔයා ඒක සැලසුම් කලාද?.බබාට ඔයා එක්ක ඉන්න තියන හොදම කාලේ තමයි මේ.ඉතින් රැකියවට යන්න කලින් මෙ ටිකත් හිතන්න.

01)දින චර්‍යාවක් ස්ථාපිත කරන්න .

පලමු සතිය ඔයාට අපහසුවක් දැනෙයි සැලසුමට අනුව කිසි දෙයක් වෙන්නෙ නැහැ කියලා.බබාට රැය දහවල හදුනා ගන්න කාලයක් යනවා.ඒ නිසා රාජකාරි අරඹන්න කලින් සති දෙකකට ඉස්සෙල්ලා මේ දින චර්‍යා පටන් ගන්න.එහි බබා නිදා ගැනිම,අවදි විම,කිරි බිම සහ නාන වෙලාව ආදිය ඇතුලත් කරන්න.

02)උදව් ලබා ගන්න අය හුරු කිරිමට පිලිවෙත්

බබා බලා ගන්න පැවරීම අවසාන මොහොතේ භාර නොදෙන්න.එයින් ඔවුන් සහ දරුවා අපහසුතාවයට පත් වෙනවා.එයද සති දෙකකට පමන පෙර සිට පටන් ගැනිමට උත්සහා කරන්න.මව හෝ දන්නා වැඩිහිටියෙක් බබා බලාගන්නා කෙනා සමඟ තබා යාම නුවනට් හුරුයි.

03)රාජකාරියට ගියත් බබාට නියම පෝෂණය ලබා දෙන්න කටයුතු කරන්න

මව් කිරි දෙව්ම පිලිබඳ උපදෙස් වෛද්‍යවරයෙකුගෙන් ලබාගන්න.ජීවානුහරණය කල බෝතල් කිහිපයක් ළඟ තබා ගන්න සහ ඒ පිළිබඳව බබා සමඟ ඉන්න කෙනාට කියන්න.

04)කිරි දෙන මවට රාජකාරි මට්ටමෙන් අයිතිවාසිකම්

කිරි දෙන ඔයාට දවසකට පැය 1 1/2 පමන කාලයක් නිවාඩු ලැබෙනවා.ඔයාට ඒ කාලෙත් ප්‍රයොජනයට ගන්න හැකියාව තියනවා.

05).මානසික සූදානම.

බබා එක්ක හිටපු ඔයාට ඒක පාරටම එයාගෙන් ඈත් වෙලා ඉන්න එකෙන් ගොඩක් ලොකු දුකක් දැනෙනවා.ඒත් හිත ශක්තිමත් කරගෙන ජීවිතයට මුහුන දෙන්න ඔයාට පුළුවන් වෙන්න ඕන.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *