අලුත උපන් බබා කහ වෙන්නේ ඇයි.?

Categories අලුත උපන්Posted on

අලුත උපන් බබාලට විවධ ආකාරයේ රෝග තත්වයන් ඇති වීම සාමන්‍ය තත්වයක්.මේ තත්වයේදී ඔයා අධික ලෙස බිය වීමට අවශ්‍යතාවයක් නැහැ.මෙහිදී ඔබ සිදු කල යුත්තේ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු සිදු කිරීමයි.අලුත උපන් බබාට ඇතිවිය හැකි සෞඛ්‍ය තත්වයන් කිහිපයක් මෙන්න.

ඇස් වල සහ සමේ කහ ගතිය

– බබා ඉපදී දවස් 2 – 7 අතර කාලයේදී බබාගේ අක්මාව පරිනත වෙලා නැති නිසා රතු රුධිරාණු බිඳීමෙන් ඇති වන බිලිරුබින් ලේ වලින් ඉවත් කිරීමට අපොහොසත් වීම මෙයට හේතු වෙනවා.

– එය සාමාන්‍ය තත්වයක් වන අතර රුධිරයේ බිලිරුබින් ප්‍රමාණය වැඩි නම් වෛද්‍ය උපදෙස් අනුව බබාව රෝහල්ගත කිරීම කල යුතුයි.

– මේ තත්වයට ප්‍රතිකාර ලෙස නිල් එලියට ඇල්ලීම සහ අවශ්‍ය වුවහොත් රුධිරය මාරු කිරීමද සිඳු කරයි.

– මේ අතර ශරීරයේ ඇති වන ලා කහ ගතිය අඩු කර ගැනීමට උදෑසන 7 සිට 9 දක්වා කාලයේදී හිරු එලියට ඇල්ලීම මඟින් සිදු කර ගන්න පුළුවන්.

– බබාගේ මළ මැටි වැනි සුදු පැහැයක් ගන්නවා නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපකාර ලබා ගන්න.

– මේ තත්වයන් සියල්ල බබා ඉපදී සති දෙකකට වැඩ ඇති නම් වහාම රෝහල් ගත කරන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *