බබාගේ නිරක්තියට පිළියම් මෙන්න.

Categories වැදගත් උපදෙස්Posted on

වයස අවුරුදු 5ට අඩු බබාලා බොහොමයක් නිරක්තිය නිසා පිඩා වෙනවා.ඕනෑම පුද්ගලයෙකු වයස අවුරුදු 25 ට පමණ වන තෙක් මොලය වර්ධනය සිදු වෙනවා.නමුත් නිරක්තිය ඇති වූ විට මොලය වර්ධනය වීම අඩාල වෙනවා.ඒ වගේම උදාසීන බව ,බුද්දිය හීන වීම ,මතක ශක්තිය අඩු වීමද සිදු වෙනවා.උපතේ සිට මාස 6ක කාලයක් නොකඩවා මව් කිරි ලබා දිය යුතු වෙනවා.

– බඩවැල් රෝගයන් ඇති වීම වලකිනවා

– දියවැඩියා සහ හදවත් රෝගයන්ගෙන් වැළකීමට හැකියාව ලැබෙනවා

– මව්කිරි ලබා දීම මඟින් ඔයාට බෝ නොවන රෝගයන්ගෙන් වැලකි සිටීමට හැකියාව ලැබෙනවා

– මස් ,මාළු සහ හාල් මැස්සන් වැනි දේ ආහාරයට ගැනීම මඟින් මොලය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා

– ඒ වගේම කොළ පැහැති පලා වර්ගයන්ද බබාට ලබා දෙන්න

– බිත්තර ,බෝංචි ,බතල, අලිගැට පේර, ඇපල් ,ඩාක් චොකලට්, ග්‍රීන් ටී, රටකජු සහ වට්ටක්කා ඇට මඟින් මතක ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව තිබෙනවා

– ආහාර ගැනීමත් සමඟ තේ බිමට ලබා නොදෙන්න

– පිපිඤ්ඤා, කැරට් හා සුදු ළුණු රුධිරය පිරිසිදු කරන නිසා මොළය වර්ධනයට උපකාරි වෙනවා

– බබාට ප්‍රමාණවත් නින්දක් ලබා දීම මඟින් මොලයේ වර්ධනයට උපකාරී වෙනවා

– සීනි වැනි පැණි රස සහිත ආහාර බබාට ලබා දීමෙන් වලකින්න

– ඒ වගේම බබාට උදෑසන ආහාරය අනිවාර්යයෙන්ම ලබා දීමට කටයුතු කරන්න

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *