අවුරුදු 01ට අඩු බබාලාගේ පෝෂණය ගැන ඔබ දන්නවද ?

Categories මුල් ළමා අවධියPosted on

විවිධ ආහාර සඳහා බබාලාගේ සිත් ඇඳ ගැනීමට නිෂ්පාදන ආයතන විශාල උත්සහයක් ගන්නවා.ඒ නිසා බබාලා මේ ආහාර සඳහා ඇබ්බැහි වීමට පෙළඹෙනවා.ඒ කොහොම වුනත් ඔයා බබාගේ වර්ධනයට විවිධ විටමිනයන් ලබා දීමට උනන්දු වෙනවා.ඇත්තෙන්ම බබාට විටමින් වර්ග ලබාදිය යුතු නැහැ .ඒ සඳහා පලතුරු සහ එළවළු වර්ග දීමෙන් බබාට අවශ්‍ය පෝෂණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ තියෙන කාර්යබහුලත්වය නිසා බබාට ක්ෂණික ආහාර ලබා දීමද සිදු කරනවා.

01) කිරිපිටි

බබාට මාස 06ක් පමණ වෙනතෙක් මව් කිරි සිමා අනිවාර්යයි.නමුත් ඔයාට තියෙන කාර්යබහුලත්වය නිසා බබාට කිරිපිටි දෙනවා.නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වයස අවුරුදු 01කට අඩු බබාලාට වෛද්‍ය නිර්දේශයකින් තොරව කිරිපිටි ලබා දීම තහනම්.එලෙස කිරිපිටි ලබා දීමෙන් ඇදුම,හතිය, ඇලජික් රෝග, දද ,කුෂ්ඨ ,ළමාවිය ස්ථුලතාවය, දියවැඩියාව,නිරක්තිය ,අධි රුධිර පීඩනය ,අස්ථි දුර්වල වීම ,ආහාර දිරවීමේ අපහසුතා,පිළිකා සහ හදවත් රෝග ඇති වෙනවා.ඒ නිසා බබාලට කිරිපිටි දීමේදී ඔයා වඩාත් සැලකිලිමත් විය යුතුයි

02) බබාට ලබා දිය යුතු විටමිනයන් වර්ග

විටමින් A

විටමින් A මගින් නිරෝගී ඇස් සහ සමක් පවත්වාගෙන යාමට දායක වන අතර එමගින් ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාරය වර්ධනය කෙරෙනවා.

වට්ටක්කා, දොඩම්, කහ හෝ තැඹිලි පැහැති එළවළු වර්ග, කිරි, චීස් සහ බිත්තර ආදී අහාර වල විටමින් A බහුල ලෙස අඩංගු වෙනවා.

විටමින් B වර්ග

විටමින් B නම් B2, B3, B6, සහ B12 වැනි ප්‍රභේද කිහිපයකින් යුක්තයි.B විටමින් මගින් පරිවෘත්තීය ශක්තිය, සිරුරට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය වීම, සෞඛ්‍ය සම්පන්න සංසරණ පද්ධතියක් සහ ස්නායු පද්ධතියක් ඇති කිරීමට ආදිය උදව් වෙනවා. මාළු, කුකුල් මස්, බිත්තර, කිරි, චීස්, බෝංචි සහ සෝයා බෝංචි වැනි ආහාර ලබා දීමෙන් බබාට විටමින් B ලබා ගන්න පුළුවන්

විටමින් C

බබාගේ මාංශ පේශි ශක්තිමත් කරන්නට විටමින් C උපකාර වන අතර ආසාදනවලින් වැළකී සිටීමටත් සෞඛ්‍ය සම්පන්න සමක් පවත්වාගෙන යාමටත් මෙම විටමිනය උපකාර වෙනවා.

විටමින් D

විටමින් D මඟින් බබාගේ දත් හා අස්ථි ශක්තිමත් කරනු ලබන අතර එමඟින් ශරීරයේ කැල්සියම් අවශෝෂණයටද උපකාර වෙනවා.කිරි, මාළු, සැමන් සහ මැකරල් වැනි මේද සහිත මාළු වල විටමින් D අඩංගු වන අතර මෙම විටමිනය සැපයීමේ මූලික ප්‍රභවයක් වන්නේ උදෑසන හිරු එළියයි. මේ නිසා බබාට ප්‍රමාණවත් ලෙස හිරු එළියට නිරාවරණය කිරීම ඉතාම වැදගත් වනවා.

කැල්සියම්

කැල්සියම් යනු බබාගේ අස්ථි ශක්තිමත් කරගැනීමට උපකාර වන විටමිනයකි.විටමින් D මෙන්ම, කිරි, චීස්, යෝගට්, වැනි කිරි නිෂ්පාදන වල බහුල ලෙස කැල්සියම් අන්තර්ගත වෙනවා.

යකඩ

යකඩ මඟින් බබාගේ රතු රුධිරාණු සෛල සෞඛ්‍ය සම්පන්නව තබාගන්නට මූලික ලෙස දායක වන විටමින් වර්ගයකි. බබා තුළ යකඩ ඌනතාවයන් ඇතිවීම අවදානම් සහිත වන අතර විශේෂයෙන්ම ගැහැනු බබාලාගේ ඔසප් වීම ආරම්භ වීමටත් යකඩ වැදගත් වෙනවා.

මේ නිසා යකඩ කියන්නේ බබාට ඉතා වැදගත් පෝෂකයක් වනවා. රතු මස්, අක්මාව, ඌරු මස්, නිවිති, සහ බෝංචි වැනි ආහාර යකඩවලින්පෝෂිත ආහාර වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *