බබාගේ මොළයේ වර්ධනයට වැදගත් ආහාර.

Categories මුල් ළමා අවධියPosted on

ඔයාගේ ආසාව සහ කැමැත්ත වෙන්නේ හොඳ බුද්ධිමත් බබෙක් ලෝකයට දායාද කරන්න.ඒ සඳහා පොතපත වගේම බබාට ලබා දෙන ආහාරපානයන්ද බලපානවා.බබාගේ මොළයේ වර්ධනයට හොඳ පෝෂණයක් අවශ්‍ය වෙනවා.එහෙමයි කියලා බබා ඉල්ලන සියලුම කෑම වර්ග ලබා දෙන්න යන්න එපා.මොකද බබාගේ සිරුරට අහිතකර ආහාර වර්ග වෙළඳපොලේ ඇති තරම් තියෙනවා.ඒ නිසා බබාගේ සෞඛ්‍යට හිතකර පහත සඳහන් ආහාර ලබා දෙන්න

01) බිත්තර

විටමින් B6 සහ B12 ෆෝලේට් අඩංගුයි. හොද මානසික තත්වයක් පවත්වාගන්න උපකාරී වෙනවා.

02) කජු සහ ධාන්‍ය වර්ග

කජු සහ ධාන්‍ය වර්ග වල විටමින් E සහ සිරුරට හිතකර මේදය අඩංගුයි.මොළයේ වර්ධනයට වගේම මොළය ආශ්‍රිත රෝග වැලදීමේ අවදානම අඩු කිරීමට උපකාරී වෙනවා

03) ඩාර්ක් චොක්ලට්

එහි අඩංගු කැෆේන් සහ ප්‍රතිඔක්සිකාරක නිසා බබාට අනාගතයේදී ඇති විය හැකි මොලයේ අකර්මන්‍යතා අවම කරයි.

04) ඔමේගා 3

ඔමේගා 3 මඟින් මතක ශක්තිය වර්ධනය ,කායික සහ මානසික රෝගයන්ගෙන් වැළකීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අවුරුදු 1 – 5 දක්වා බබාලා සඳහා ඇති කිරි පිටි වර්ග වල ඔමේගා 3 අඩංගු වෙනවා.සැමන් සහ ටුනා මාළු වලද ඔමේගා 3 අඩංගු වන නිසා ඒවාද බබාගේ මොළයේ වර්ධනය සඳහා උපකාරී වෙනවා

05) බ්රෝකොලි

එහි ඇති විටමින් K මඟින් මොලයේ වර්ධනයට උපකාරී වෙනවා

06) වට්ටක්කා ඇට

මැග්නීසියම්, යකඩ සහ සින්ක් අඩංගු නිසා බබාගේ ස්නායු වර්ධනයට උපකාරී වෙනවා.

07) දොඩම් වර්ග

විටමින් C අඩංගුයි මානසික අකර්මන්‍යතාව වලක්වයි.

08) බ්ලු බේරී

බෙරි සහ තද පාට බෙරි වල ප්‍රතිඔක්සිකාරක අඩංගුයි. ඒවා නිසා මොළයේ සෛල වල සන්නිවේදනය වැඩි දියුනු වෙනවා. මතක ශක්තිය වඩවනවා.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *