බබාගේ කිරි දත් එනවද ?

Categories මුල් ළමා අවධියPosted on

බබාගේ කිරි දත් එන්නේ බබාට අවුරුද්දක් විතර වුනහම.මේ කාලය තුල බබාගේ යම් යම් වෙනස්කම් හෝ සංසිද්ධි ඇති වෙන්න හැකියාව තියෙනවා.එහිදී බබා මලානික වීම ,උණ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.බබාගේ කිරි දත් එනකොට මේ වගේ ලක්ෂ පහල වෙන්න ඉඩ තියෙනවා.

01) උණ

සාමාන්‍යෙයන් දත් එන විට යන්තම් ඇඟ රත් වෙන්න පුළුවන්. මෙය ඇතැම් විට ශරීරයේ සිදු වන වෙනසකම් නිසා සිදු වන දෙයක් වෙන්නත් පුළුවන්.දත විදුරු මස සිදුරු කරමින් ඉහළට පැමීණිමට දක්වන උත්සහය හේතුවෙන් මේ ලෙසට උණ ගතියක් ඇති විය හැකියි. මේ සඳහා යම් වේදනා නාශකයක් ලබා දීම ප්‍රමාණවත්. එහෙත් බබාගේ සිරුරේ රස්නය අසාමාණ්‍ය ලෙස ඉහළ යනවා නම් එය වෙනත් රෝගයක් නිසා සිදු විය හැකියි. එවැනි අවස්ථාවක සිදු කළ යුත්තේ වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි.

02) වෙනත් ලක්ෂණ

කිරි දත් මෙන්ම අනෙක් දත් පැමිණෙන විටත් බබා ටිකක් කලබල වනවා. බොහෝ විට බබාට තරහා යන නොරිස්සුමට පත්වන ගතියක් පෙන්විය හැකියි. ඒ වගේම තමයි සමේ රැෂ් එනන වගේම රාත්‍රීයේ නොනිදා සිටිම වැනි සිදුවීම් සිදු විය හැකියි. මෙවැනි අවස්ථාවල බබාගේ පහසුව හැකි තරම් සලසා දෙමින් බබාව සන්සුන් කිරීම මෙන්ම යම් වේදනා නාශකයක් ලබා දීමට පියවර ගන්න.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *