අලුත උපන් බබා ආරක්ෂා කර ගන්නේ මෙහෙමයි.

Categories අලුත උපන්Posted on

ඔයාගේ ප්‍රසුතියෙන් පස්සේ බබාව ගෙදරට එක්කන් එනවනේ.ඉතින් ඔයාට ගෙදර වැඩයි ,බබාගේ වැඩයි සේරමත් එක්ක බබාගේ සනීපාරක්ෂාව ගැන හිතන්නත් ඕනි.බබාගේ සනීපාරක්ෂාව ගැන හිතුවේ නැත්නම් එයා ඉක්මනට ලෙඩ වෙන්න පුළුවන්.මොකද අලුත උපන් බබලගේ ප්‍රතිශක්තිය ශක්තිමත් නැති නිසා.ඉතින් බබාගේ සනීපාරක්ෂාව ගැන හිතුවේ නැත්නම් බබා ලෙඩ වෙන්නේ මෙන්න මේ නිසයි

01) පිරිසිදුකම ගැන නිතරම සැළකිලිමත් වෙන්න

බබාගේ ලගට යන්න කලින් නිතරම දෑත් සෝදා ගන්න මතක තියාගන්න. ඒ වගේම තමයි බබා බලන්න ගෙදරට එන අයට වගේම පවුලේ අයටත් කියන්න බබාව අල්ලන්න කලින් හොඳට අත් සෝදාගන්න කියලා.මොකද මේ නිසා උණ හෙම්බිරිස්සාව වගේ ලෙඩ වලින් බබාව ආරක්ෂා කරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම තමයි පවුලේ කෙනෙක් අසනීප වෙලා ඉන්නවා නම් කියන්න සනීපය හොඳ වෙනකල් බබා ලඟට එන්න එපා කියලා.

02) මව්කිරි දීම නවත්වන්න එපා

ඔබට උණ හෙම්බිරිස්සාව වගේ රෝගයක් වැළදුන වේලාවට නිතරම බබාගේ ඈත් වෙලා ඉන්න අවශ්‍ය නැහැ. ඔබ මවුකිරි දීම දිගටම කරගෙන යන එක ගොඩක් වැදගත්.මොකද මවුකිරි වලින් බබාට ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය ප්‍රතිදේහ ලබා දෙනවා.

03) එන්නත් නිවැරදි වේලාවට ලබාදෙන්න

බබෙක්ට මේ කාලයේදී ලබාදිය යුතු එන්නත් නිවැරදිව ලබාදෙන එක ඉතාමත් වැදගත්. ඒ නිසා කිසිම විදිහක අතපසු කිරීමක් කරන්නේ නැතුව නිවැරදි වේලාවට බබාට එන්නත් ටික ලබා දෙන්න.

04) බබාට හොඳ නින්දක් ලබාදෙන්න

මේ වයසේ බබෙක්ට නින්ද කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. එය බබාගේ කායික වගේම මානසික වර්ධනයටත් ඉතා වැදගත්. බබාට හොඳ නින්දක් ලබාගන්න පුළුවන් වෙන විදිහට වටපිටාව සකස් කරන්න. පවුලේ අනෙක් අයටත් කියන්න එයට උදවු වෙන්න කියලා. ඒ වගේම තමයි බබාව බලන්න එන අයවත් සිමා කරන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *