බබාගේ කන විදීම ගැන ඔබ දන්නවාද ?

Categories අලුත උපන්Posted on

ගැහැණු බබෙක් නිවසේ ඉන්නවා නම් අනිවාර්යයෙන් කන් විදින්න බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා.ගොඩක් වෙලාවට බබා ඉපදිලා මාස 03ක් විතර යනකොට ගොඩක් අම්මලා මේ දේ කරනවා.නමුත් මේ මාස 03ක කාලය කියන්නේ බබාගේ ප්‍රතිශක්තිය වර්ධනය වෙන කාලය.ඒ නිසා බබාට අසාදන වලට එරෙහිව ක්‍රියා කරන්න අමාරුයි.ඒ නිසා ඒ කාලය තුල බබාගේ කන් විදීම අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි.නමුත් ඔයා හිතනවා නම් මේ කාලයේ බබාගේ කන විදින්න ඕනි කියලා පහත කරුණු අනුගමනය කරන්න.

01) කන් විදීමට පෙර විශේෂඥ ළමා වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගන්න.

02) කන් විදීම සඳහා බබා රත්තරන් බඩු අලෙවි කරන ස්ථානයකට රැගෙන නොයන්න. ඔවුන් ආරක්ෂාකාරී පියවරයන් අනුගමනය නොකරන නිසා දරුවා ආසාදනවලට ගොඳුරු වෙන්න පුළුවන්

03) කන් විදීම සිදුකරන පුද්ගලයා මූලික ආරක්ෂක ක්‍රම අනුගමනය කරනවා දැයි සොයා බලන්න.එහිදී ඔවුන් දෑත් සේදීම , GLOVES පැළඳීම ,කන් පෙත්ත වටා පිරිසිදු කිරීම යනාදී කරුණු පිලිබඳ අවධානය ලබා දෙන්න

04) බබාගේ වේදනාව අඩු කිරීමට සුදුසු ක්‍රීම් වර්ගයක් ආලේප කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න.

05) ඉතා කුඩා රවුම් සහ පැතලි කරාබු යුගලක් තෝරාගන්න.

06) හැමවිටම අඩුම තරමේ කැරට් 14 සෑදූ රත්තරන් කරාබු යුගලක් භාවිතා කරන්න.

07) කන විදීමට පෙර කරාබු යුගල විෂබීජ නාශකයකින් සෝදන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *