ප්‍රසුතියෙන් පසු බර අඩු කරගන්නේ මෙහෙමයි.

Categories අලුත උපන්Posted on

මව් පදවිය ලැබීමෙන් පසුව ඔයාගේ මහත් වීම වගේම බර වැඩි වීමත් සිදු වෙනවා. බබාගේ ප‍්‍රසුතියෙන් මාස කිහිපයකට පසුව උත්සහ කළොත් යළිත් හිටපු ප‍්‍රමණයටම බර අඩු කර ගන්න පුළුවන් වගේම ලස්සන වෙන්නත් පුළුවන්.මේ සඳහා අවශ්‍ය උත්සහය සහ කැපවීම පමණයි.ඒ නිසා පහත දැක්වෙන උපදෙස් අනුගමනය කරන්න.

01) උදෑසනින් ඇවිදින්න

ව්‍යයායම කිරීම සෞඛ්‍ය සම්පන්න බවට ගොඩක් වැදගත් වෙනවා.ඒ නිසා ඇවිදීම තමයි හොඳම ව්‍යයායමය වන්නේ .උදෑසනින්ම ඇවිදින්න. පළමු දිනයේ කෙටි දුරක් ඇවිදින්න. පසුව සතියට දින 3 – 5 ක් විනාඩි 20 – 30 ක් ඇවිදින්න.

02) මව්කිරි දීම

මේ හරහාත් ශරීරයේ බර අඩු කර ගන්න පුළුවන්. මව්කිරි දීමෙන් දිනකට කැලරි 500 ක් පමණ දහනය වනවා. මේ නිසා ශරීරයේ හැඩය ගැන හිතනවා නම් මව් කිරි දෙන්න.

03) පෝෂණිය ආහාර

එළවළු පළතුරු වැනි ආහාර වැඩි වශයෙන් ගන්න. අමතර ආහාර ලෙසද ගත යුත්තේ පෝෂණයෙන් වැඩි ආහාරයි. හැකි තරම් පැණි රස හා පිෂ්ඨය සහිත ආහාර වලින් ඈත්ව සිටින්න.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *