බබා අඩන්නේ ඇයි ?

Categories මුල් ළමා අවධියPosted on

බබා ඉපදිලා අවුරුද්දක් විතර යනකම් පුංචි පැටව්න්ට වචන උච්චාරනය කරන්න හැකියවාක් නැහැ.ඒ් නිසාම එයාට දැනෙන දේවල් ඔයාට කියන්න විදිහක් නැහැ. ඒ වෙනුවට එයා එයාට කියන්න තියෙන දේවල් එයාගේ හැගීම් මේ සේරම දෙවල් ඔයාට පෙන්වන්නේ ශබ්ධය පිට කිරීම හරහා. ශබ්ධය පිට කරන එක ගැන කතා කරනකොට ඒකට පැටියා හඩන එකත් අයිති වෙනවා.සමහර විට මේ දේවල් නිසා බබා අඬන්න පුළුවන්

01. බඩගින්න

බබ අඬන්න හේතු වෙන පළවෙනිම ප්‍රශ්නේ තමයි බඩගින්න. ඒ අවශ්‍යතාවය ඉටු වෙන්න ප්‍රමාද වුනොත් බබා කොහොමත් අඬන්න ගන්නවා.

02. diaper එක මාරු කිරීමට අවශ්‍ය වූ විට

diaper එක කිළුටු කර ගැනීම, තෙමා ගැනීම වගේ දේවල් බබාලට ඉවසගෙන ඉන්න අමාරුයි. මොකද ඒක එයාලට ගොඩාක් අපහසුවක් ගෙන දෙනවා. ඒ වගේම බබාගේ සම මත විවිධ ආසාදන ඇති කරන්නත් හේතු වෙන නිසා කිළුටු කර ගත් diaper ඉක්මනින් ඉවත් කරන්න.

03. දරුවාගේ කිරි දත් එන අවදිය

කිරි දත් එන කාලේදී පුංචි බබාලා නොසෑහෙන්න අඬන්න ගන්නවා. ඒක ඒ තරම්ම් බබා අපහසු හා වේදනාකාරී වූ දෙයක්.

04. අධික සීතල හෝ උණුසුම

වැඩිහිටියන්ට වගේ නෙවෙයිනේ පොඩි බබාලට අධික සිතල හා උණුසුම දරා ගන්න බැහැ. මේ වගේ තත්ත්වයන් ගැන මව අනිවාර්යෙන් අවදානයක් දිය යුතුයි වගේම බබාගේ සුව පහසුව සලසන්නත් කටයුතු කල යුතුයි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *