එපිඩියුරල් එන්නත භයානකද?

Categories ගර්භණී සමයPosted on

එපිඩියුරල් එන්නත යනු විලිරුදාව නැති කිරීමට ලබාදෙන එන්නතක්.එමඟින් ඔයාගේ ශ්‍රෝණි මාංශ පේශින් ලිහිල් කර බබා බිහි කිරීම පහසු කරනවා. ලොව පුරාම ගොඩක් මව්වරුන් සඳහා තම දරු ප්‍රසූතියට පෙර මෙම එපිඩියුරල් එන්නත (epidural) ලබාදීම සුලබ දකින්න ලැබෙන දෙයක්. නමුත් එම එන්නත මඟින් විවිධ සංකූලතා ඇති වන් බව ඔයා දැනගෙන සිටියද?

එපිඩියුරල් එන්නත මඟින් ඇති වන සංකූලතා මොනවද?

– රුධිර පීඩනය පහත වැටීම.

– සිදුරක් ඇතිවීම. එම සිදුර ඇති වන්නේ එපිඩියුරල් ඉඳිකටුව ඔයාගේ සුෂුම්නාව ආවරණය කරන පටලයට අහම්බෙන් සිදුරු කරන විටයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔයාගේ සුෂුම්නා තරල කාන්දු වන අතර දැඩි හිසරදයක් ඇතිවීම සිදුවන බවයි නිර්වින්දන වෛද්‍යවරුන් නම් පවසන්නේ.

මෙම ගැටලුවට ප්‍රතිකාර කිරීම සඳහා ඔයාට “blood patch” එකක් කළ යුතු අතර තමන්ගේ රුධිරය එන්නත් කර සිදුර මුද්‍රා තැබීම මෙහිදී සිදු කෙරෙනවා.

– එපිඩියුරල් එන්නත් කටුව මඟින් සිදුවන සිදුර නිසා විෂබිජ, බැක්ටීරියා ආදිය ඔයාට අසාදනය වීමේ ඉඩකඩ වැඩියි.

– ඒ වගේම පැය 6ට වඩා වැඩි කාලයක් එපිඩියුරල් භාවිතා කරන විට උණ ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවන්හිදී, ඔයයි බබායි දෙන්නාම පරීක්ෂණයකට භාජනය කරනවා. අවශ්‍ය නම් ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාර ලබාදීම සිදු කරනවා.

– ස්නායු හානි සිදුවීම.

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *