බබාගේ ආරක්ෂාව ඔයාට මඟහැරෙන අවස්ථා.

Categories වැදගත් උපදෙස්Posted on

ඔයා බබාගේ ආරක්ෂාව ගැන නිරන්තරයෙන් හොයලා බලනවා කියලා අපි දන්නවා? හැබැයි බබාගේ ආරක්ෂාව ගැන සිතිය යුතු සමහර අවස්ථා ඔයාට මඟහැරෙනවා වෙන්නත් පුළුවන්. මොකද ඔයා ඒ අවස්ථාවන් ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන්න විය හැකියි. ඒ නිසාම මේ කියන්න යන්නේ බබාගේ ආරක්ෂාව ඔබට මඟහැරෙන අවස්ථා ගැනයි. විශේෂයෙන්ම දියණියන් සිටින ඔයාට මෙය ගොඩක් වැදගත් වෙයි.

– ඔයාගේ දියණියට වැඩිහිටි පිටස්තර පිරිමි පුද්ගලයන්ගේ උකුළේ වාඩිවෙන්න,වැළදගන්න, සිපගන්න දෙන්න එපා.

– කිසිම වෙලාවක පිටස්තර පුද්ගලයින් ඉදිරියේදී දියණියගේ ඇදුම් මාරු කිරීමෙන් වළකින්න.

– “මේ මගේ බිරිඳ,මේ මගේ පෙම්වතිය” ලෙස විහිළුවටවත් බබාව හැදින්වීමට කාටවත් ඉඩදෙන්න එපා.

– ඔයාගේ දියණිය යාළුවොත් සමඟ සෙල්ලම් කරන විට ඇය ඇසුරු කරන මිතුරන් කෙරෙහි වැඩි අවධානයෙන් සිටින්න.මොකද ඔය නොදැනුවත් ව හෝ ගොඩක් දරුවන් ලිංගිකව අපයෝජන වලට ලක්ව සිටිය හැකියි. ඇතැම් විට ඔවුන්ගේ අත්දැකීම් ඔයාගේ දියණියටත් ලබාදිය හැකියි.

– බබා ප්‍රතික්ෂේප කරන, අකමැති, වැඩිහිටියන් ළඟට යන්න කවදාවත් බල කරන්න එපා.

– ක්‍රියාශීලීව,කෙළිදෙලෙන් කාලය ගත කරපු බබා ඉක්මනින්ම වෙනස්වීම, නිහඬවීම ගැන ඔයා වැඩිපුර අවධානයක් යොමු කළ යුතු වෙනවා.

– බබා නරඹන කාටුන්,චිත්‍රපට සහ පරිගණක ක්‍රීඩා, අන්තර්ජාලයට භාවිතා කර පිවිසෙන වෙබ් අඩවි ගැන විමසිලිමත් වෙන්න. මොකද ඔයා නොදැනුවත්වම ඒ හරහා බබා ලිංගික ක්‍රියාවන්ට යොමු වෙන්න පුළුවන්.

– බබාට තමන්ගේ සිරුරේ අවයව හොඳින් පිරිසිදු කරගන්නා ආකාරය උගන්වන්න.ගෙදර මෙහෙකරුට හෝ මෙහෙකාරියට බබාගේ අවයව අල්ලන්න ඉඩදෙන්න එපා.

– පිරිසක් ඉදිරියේ විනීතව සහ අචාරශීලිව හැසිරෙන හැටි සහ ඇඳුම් අඳින හැටි බබාට පුරුදු කරන්න.

– බබා කිසියම් කෙනෙකු පිළිබඳ ඔයාට පැමිණිලි කළොත් නිහඬව ඉන්න එපා. වහාම ඒ ගැන සොයා බලන්න.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *