මව් කිරි එරීම අඩු වන්නේ ඇයි?

Categories අලුත උපන්Posted on

බබා ඉපදුණාට පස්සේ ඔයාගේ කිරි එරීම අඩුවන අවස්ථා තියෙන්න පුළුවන්. එය ඔයාව මානසික පීඩනයට ලක් කරන කරුණක්. ඒ, බබාට තිබෙන ආදරේ ප්‍රමාණයට අනුව කිරි එරෙන්න බවට සමාජයේ දුර්මතයන් පවතින නිසයි. නමුත් ඔයාට කිරි එරීම අඩු වීමට විවිධ හේතු බලපාන්න පුළුවන්.

මව් කිරි එරීම අඩු වන හේතු

– ක්ෂීර ග්‍රන්ථි වල සහ තන පුඩු වල ගැටළු

– හෝර්මෝන ගැටළු

– දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී රෝගී තත්වයන්

– පියයුරු ශල්‍යකර්මයන්

– හෝර්මෝනමය උපත් පාලන ක්‍රම

– බබාගේ උරාබීමේ අපහසුතා හෝ මුඛයේ අක්‍රමිකතා

– රාත්‍රීයේ මව්කිරි නොදීම

– මව් කිරි ලබාදීමේ කාලපරාසය හෝ වාර ගණන පාලනය කිරීම

– ප්‍රසූතියට පෙර හෝ පසු ඔයා භාවිතා කළ ඖෂධ

– ඔයා දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම් මව් කිරි එරීම අඩු වෙනවා

– කැෆේන් වර්ග අධික ලෙස භාවිතයට ගැනීම.

මව් කිරි නිෂ්පාදනය වැඩි කළ හැකි ක්‍රම

– නිරන්තරයෙන් මව් කිරි ලබාදීම

– කිරි දෙවීම

– උණුසුම් ජලය ස්නානය

– පියයුරු සම්බාවනය සහ තැවීම

– රාත්‍රී කාලයේදී වැඩිපුර මව් කිරි ලබා දීම

– ධනාත්මක මානසික තත්වය

– පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *