ගර්භණී සමයේ අවසන් කාලය.

Categories ගර්භණී සමයPosted on

ගර්භණී ඔයා කවද්ද පැටියා එළියට එන්නේ කියලා දින ගණන් කරනවා. හැබැයි ගර්භණී සමයේ අවසන් කාලයේ බබාගේ වර්ධනය සිදු වන හැටි ඔයා දන්නවද?

– ඔයාගේ සිරුරේ ඇති සියලුම කැල්සියම් උරාගෙන බබාගේ කාටිලේජ තත්වයේ පැවතුනු අස්ථි දැන් ඇටකටු බවට ශක්තිමත් වන්නට පටන් ගැනෙනවා.ඒ නිසා ඔයා ප්‍රමාණවත් ලෙස කැල්සියම් ගන්නට අමතක කරන්න එපා.

– ගර්භණී 32වන සතිය වන විට විනිවිද පෙනෙන සමකින් යුතුව තිබූ පැටියාගේ සම ක්‍රමයෙන් සාමාන්‍ය ලෙස ඝන වන්නට පටන් ගන්නවා. 36වන සතිය වනවිටත් මේදය දිහින් දිගටම අවශෝෂණය කරගන්නවා.

– ගර්භනී අවසාන සති කිහිපය තුළ බබාගේ බඩවැල් වල මෙකෝනියම්, එනම් මුල්ම මළපහ නිපදවෙමින් පවතිනවා.

– ගර්භණී සති 29 – 30 වන විට පැටියාගේ පචේන්ද්‍රීය මනා ලෙස වර්ධනය වී තිබෙනවා.

– තුන්වන මාස 3දී දරුවාගේ මොළය වඩා සීඝ්‍රයෙන් වර්ධනය වීම පටන් ගන්නවා.

– 34වන සතියේදී පැටියා යටිකුරු අතට හැරීවීම ඇරඹෙනවා.

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *