බබාට හරියටම ගැළපෙන පවුඩර් – ක්‍රීම් තෝරාගන්න හැටි.

Categories වැදගත් උපදෙස්Posted on

බබා ඉපදෙන්නත් කලින් ඉදන්නේ ඔයා බබාට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් හැම දෙයක්ම ගන්නේ. ඔය අතරේ ක්‍රීම්, පවුඩර් විශේෂයි. හැබැයි ඔයා හිතපු නැති විශේෂ කාරණාවක් තියෙනවා,ඒ තමයි මේ දේවල් බබාට ගැලපෙනවද කියන එක.ඔයා මේ වගේ ක්‍රීම් වර්ග, පවුඩර් වර්ග තෝරා ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැනයි මේ කියන්න හදන්නේ.

01) ක්‍රීම් සහ පවුඩර් වර්ග

අවුරුදු 15 ක් 16 යනකන් බබාලට තියෙන්නේ මෘදු සමක්.ඉතින් මේ කාලය තුල ක්‍රීම් වර්ග විතරක් නෙමෙයි සබන් වගේ ගොඩක් දේවල් වලින් අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්.ඒ වගේම සමහර බබාලාගේ සම උපතින්ම වියළියි.ඒ වගේ අවස්ථා වලදී බබාට පවුඩර් දීමෙන් ඔවුන්ගේ සම තව තවත් වියලි බවට පත් වෙනවා.ඒ නිසා එක බබෙක්ට ගැලපෙන ක්‍රීම් වර්ග සහ පවුඩර් තවත් බබෙක්ට ගැලපෙන්නේ නැහැ.ඒ නිසා බබාට ක්‍රීම් සහ පවුඩර් ගැනීමේදී ගැලපෙන වර්ගයක් ගන්න

බබාට ක්‍රීම් වර්ග පවුඩර් අත්‍යවශ්‍යමද ?

අලුත උපන් බබාගේ විශේෂයෙන්ම අවධානය යොමු කළ යුත්තේ ඔවුන්ගේ සමේ පිරිසිඳු බව.ඒ සඳහා බබාට ගැලපෙන සබන් රහිත දියර “බාත් ඉමොලියන්” ලෙස හඳුන්වන නිෂ්පාදනයක් යොදා ගන්න පුළුවන්.බබා පිරිසිඳු කිරීමේදී සබන් ගෑවොත් බබාගේ සමේ තියෙන තෙල් තට්ටුව ඉවත්වීම සිදුවී සම වියළී වෙන්න පුළුවන්.ඊට පස්සේ තමයි ක්‍රීම් ගාන්න වෙන්න.ඒ නිසා පෙන එන්න සබන් ගාලා බබාවා සෝදන්න අවශ්‍ය නැහැ.

බබාගේ සම වියළි නම් අනිවාර්යයෙන් ක්‍රීම් ගාන්න අවශ්‍යයි.ඒ වුනත් පවුඩර් ගාන එක නම් අවශ්‍ය නැහැ .

ඒ වගේම ගොඩක් දහඩිය දාන බබාලා ඉන්නවා. එයාලගේ ශරීරයේ නැමුම් ස්ථානවල දහඩිය රැඳීම සිදුවෙන නිසා බිබිලි හා තුවාල ඇති විම වලක්වන්න පවුඩර් වර්ගයක් භාවිත කිරීම අවශ්‍ය වෙනවා.ඒ හැර සියලුම ළමයින්ට පවුඩර් ගාන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *