අලුත උපන් බබා ගැන කියන මිත්‍යා මත.

Categories අලුත උපන්Posted on

අලුත උපන් බබාලා ගැන සමාජයේ විවිධ මිත්‍යා මත පවතිනවා. ගොඩක්ම සම්ප්‍රදායික ගති පැවතුම් වෙනස් කිරීමට අකැමති වැඩිහිටියන් තමයි මෙවැනි අදහස් දරන්නේ. එවැනි මත කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව බොහෝ දෙනා විවිධ මිත්‍යා මත ප්‍රකාශ කරනවා. හැබැයි අපි මේ කියන්න යන්නේ එම මිත්‍යා මත වල පතින සත්‍ය අසත්‍ය භාවය ගැනයි.

– සමහරු කියනවා බබාට කිරි දීලා මුනින් අතට නිදි කරවන්න කියලා. එමඟින් කිරි වමනේ ගියොත් අනතු​රක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි කියන මතය ඔවුන් දරනවා. හැබැයි තනිවම එහා මෙහා පෙරළීමේ හැකියාව නැති බබෙකුට, ගුඩුස් යැවිමකින් තොරව මුනින් අතට නිදි කරවීම ඉතාමත් අවදානම් බවයි වෛද්‍යවරු නම් පවසන්නේ. එමඟින් හදිසි ළදරු මරණ සිදුවීමේ ඉඩ වැඩි බවයි නවීන වෛද්‍ය විද්‍යාව පෙන්වා දෙනවා.

– තවත් සමහරු කියනවා බබාලගේ දත් එන විට රිදෙන එක නවත්තන්න මී පැණි ගාන්න කියලා. හැබැයි වයස අවුරුද්දකට වඩා අඩු බබාලට කිසිම වෙලාවක මී පැණි ලබා දීම සුදුසු නැහැ. මොකද එමඟින් ආහාර විෂවීම, මළබද්ධය, ශරීරයේ දුර්වලතාවයක් ඇති වීම වගේම බබාට මරණය පවා ගෙනදෙන බැක්ටීරියා මී පැණි වල අඩංගු වෙනවා.

– ඔයා සමහර වෙලාවට බබාට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට පෙර හෝ එන්නත ලබා දුන් විගසම පැරසිටමෝල් ලබා දෙනවා. හැබැයි එන්නත නිසා ඇතිවෙන්න පුළුවන් අතුරු ප්‍රතිපල පැරසිටමෝල් ලබා දීම නිසා පිටතට නොපෙන්වන්න ඉඩ තියෙනවා. ඒ නිසා බබාට උණ ගැණුනොත් විතරක් පැරසිටමෝල් දෙන්න මතක තබා ගන්න.

– බබා ඇඟිලි සූප්පු කරන්නේ බඩගිනි නිසා කියයි සමහර අය නම් කියන්නේ. ඒ කොහොම වුණත් මෙය සාමාන්‍ය ක්‍රියාවක්.එය බබාගේ බඩගින්න නිසාම සිදු කරනවා කියල නම් කියන්න අමාරුයි. මොකද නින්දට යාමේ පහසුව සඳහා හෝ දත් මතුවීමේ කාල සීමාවේදී සමහර බබාලා අතම කටේ දමාගෙන හපනවා.

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *