ගර්භණි සමයේ අනාරක්ෂිත පළතුරු මොනවද?

Categories ගර්භණී සමයPosted on

ගර්භනී සමයේ පළමු මාස 3 ඔයාට ගොඩක් වැදගත්. මොකද ඒ කාලය ඔයා ගොඩක්ම පරිස්සම් විය යුතුයි. මේ අවධිය බබා ඔයාගේ කුස තුළ වැඩෙන කාලයයි. බබාට තවමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් නැහැ. බබා අනාරක්ෂිතයි. ඒ නිසාම ඔයා ගමන්බිමන් වගේම ආහාර වර්ග ගැනීමේදීත් පරිස්සම් වෙන්න ඕන. විශේෂයෙන්ම පළතුරු වර්ග. මොකද සමහර පළතුරු ආහාරයට ගැනීමෙන් ඔයාට සහ බබාට හානි වෙන්න පුළුවන්. ඒ විදිහට ඔයාට අගුණ දෙන පළතුරු සහ ඒවා ඔයාට අගුණ වන හැටි කියලා දෙන්නයි මේ හදන්නේ.

1 මිදි

– මිදි වල පොත්ත රෙස්වෙටරෝල් නම් සංයෝගයකින් සමන්විත වෙනවා. එම සංයෝගය පෝෂ්‍ය පදාර්ථයක් ලෙස හඳුනාගෙන ඇති නමුත් එය ගර්භනී ඔයාට විෂ වෙන්න පුළුවන්. ඒ, ඔයාගේ අසාමාන්‍ය හෝර්මෝන මට්ටම සමඟ රෙස්වෙටරෝල් ප්‍රතික්‍රියා කළ හැකි බැවින්. මෙම සංයෝගය නිසා බබාට පස්සේ කාලෙක දියවැඩියාව ඇතිවීමේ ඉඩකඩ පවතිනවා.

– බොහෝ වෙලාවට මිදි වලට පළිබෝධනාශක ඉසිනවා. මේවා පහසුවෙන් සේදි යන්නේ නැහැ. කුස තුළ වැඩෙන බබාට හානි වෙන්න පුළුවන් වගේම ඔයාට මල බද්ධය වැනි තත්වයන් පවා ඇති වෙන්න පුළුවන්.

2. නොඉදුණු සහ බාගෙට ඉදුණු පැපොල්

– මේවායේ ගර්භාෂය ඉක්මනින්ම හැකිලීම සිදු කරන කිරි බහුල වෙනවා. මෙය ගබ්සා වීමට හේතු වෙන්න පුළුවන්. මෙම කිරි නිසා නාසයෙන් දියර ගැලීම , මුඛ පෙදෙස ඉදිමීම සහ සමේ රෑෂ් වගේ සාමාන්‍ය ආසාත්මිකතාවයන් ඇති වෙනවා.

එමෙන්ම මේවායේ පැපේන් විශාල ප්‍රමාණයක් අඩංගු වන අතර දරු ප්‍රසුතිය නියමිත දිනට පෙර සිදුවීම මෙම පැපේන් වල අතුරු ආබාධවලින් එකක්.

සම්පූර්ණයෙන්ම කහ පැහැති සමක් ඇති ඉදුණු පැපොල් ඔයාට ගුණදායක නමුත් මුල් මාස 3 කාලය අතරතුර ආහාරයට ගන්නවා නම් වෛද්‍ය උපදෙස් මත ලබා ගන්නවා නම් හොඳයි.

3. අන්නාසි

– අන්නාසි වල ප්‍රෝටීන් බිඳ දැමිය හැකි එන්සයිමයක් වන බ්‍රොමේලයින් අඩංගු වෙනවා. මේවා ගැබ්ගෙල මෘදු කර වේලාසන දරු ප්‍රසූතිය සිදු වීමට හේතු විය හැකියි. ඒ වගේම ක්‍රමවත් ලෙස ලේ ගැලීම වුණත් සිදු වෙන්න පුළුවන්. මුල් මාස කිහිපයේ අන්නාසි ආහාරයට ගතහොත් ගබ්සාව වුණත් සිදු වීමේ ඉඩ පවතිනවා. ඒ නිසා අන්නාසි ආහාරයට ගන්නවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වටිනවා.

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *