ගර්භනී සමයේ ඔයාට තයිරොයිඩ් හෝර්මෝන වැදගත් වන්නේ ඇයි?

Categories ගර්භණී සමයPosted on

ගර්භනී සමයේදී තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිකුත් වෙන හ‌ෝම‌ෝනය කොතරම් වැදගත් වෙනවද කියලා දන්නවද? ‌මෙම හෝමෝන අඩුවීම මෙන්ම වැඩිවීමද එතරම් හොඳ දෙයක් නම් නෙවෙයි. එමඟින් ඔයාට වගේම බබාටත් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්.

තයිරොයිඩ් හෝර්මෝනය බබාට බලපාන හැටි.

– කුස තුල වැඩෙන බබාට සති 12 ක් වන තුරු තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරී නොවන නිසා බබාට තනිවම තයිරොයිඩ් හෝර්මෝන නිපදවා ගන්න බැහැ. ඒ නිසා ඔයාගේ රුධිරයෙන් ලබා ගන්න තයිරොයිඩ් හෝර්මෝන මත තමයි බබා රඳා පවතින්නේ.

– ගර්භනී ඔයා මුලින්ම සිදු කරන රුධිර පරීක්ෂණය සමඟ TSH නම් පරීක්ෂණය කිරීමෙන් රුධිරගත තයිරොයිඩ් හෝර්මෝන මට්ටමේ අඩු , වැඩි බව හඳුනාගන්න පුළුවන්.

– Hypothyroid කියන්නේ තයිරොයිඩ් හෝර්මෝන වැඩි වීමයි.ඒ නිසා මෙම රෝග තත්වය ඇති අය ගැබ් ගත් වහාම TSH පරීක්ෂණය සිදු කර අවශ්‍ය ඖෂධ ලබා ගැනීම අනිවාර්යයි. හැබැයි වෛද්‍ය අනුමැතියකින් තොරව ඖෂධ ලබා ගැනීමකිසි විටෙකත් සිදු කරන්න එපා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *