බබාට ආලේපන ගන්න කලින් ඔයා දැන ගත යුතු විශේෂ කරුණු මොනවද?

Categories වැදගත් උපදෙස්Posted on

බබා ඉපදුණු දා ඉඳලා බබාට ක්‍රීම්,පවුඩර්,ෂැම්පු, කොලොන්, වගේ විවිධ ආලේපන භාවිතා කරනවා.වෛද්‍ය උපදෙස් වලින් තොරව ඔයාට මේවා කැමති විදිහකට මිලදී ගන්න , පාවිච්ච් කරන්න පුළුවන්. හැබැයි බබාගෙන් බබාට සම විවිධාකාරයි. ඒ නිසා බබාට ගැළපෙන සහ විශ්වසනීය නිෂ්පාදන මිලදී ගන්න ඔයා වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ නිසාම අපි මේ කියන්න යන්නේ බබාට ආලේපන වර්ග මිලදී ගැනීමේදී ඔයාගේ අවදානය යොමු කළ යුතු විශේෂ කරුණු කිහිපයක් ගැනයි.

– හොඳ නිෂ්පාදනයක් නම් මේ නිෂ්පාදනය නිෂ්පාදනය කරන ස්ථානයේ ලිපිනය සඳහන් කර තිබෙනවද කියලා බලන්න. ඒ වගේම එය විදේශයකින් ආනයනය කරන නිෂ්පාදනයක් නම් එය මෙරටට ගෙන්වා බෙදාහරින සමාගමේ නම හා ලිපිනය වගේම සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයත් සඳහන් කළ යුතු වෙනවා.

– ඔයා තෝරන්න නිෂ්පාදනයේ අඩංගු අමුද්‍රව්‍ය මොනවද කියන දේ සටහන් කර තිබීමද අනිවාර්යයි. නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වන දිනය සටහන් කර තිබිය යුතු අතර නිෂ්පාදනය ගබඩා කිරීමේදී අනුගමනය කළ යුතු උපදෙස් ද සටහන් කර තිබෙනවද බලන්න.

– මෙම නිෂ්පාදනය ආලේපනයක් නම් මෙය ආලේප කළ යුත්තේ උදෑසනද, දහවල්ද නැතිනම් රාත්‍රී කාලයේද යන්න සඳහන් විය යුතුයි. ඒ වගේම මෙම ආලේපනය භාවිතා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතද යන්නත් සඳහන් විය යුතු වෙනවා.

– මීළඟට මෙම නිෂ්පාදිතය සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවූ විට ඒ ගැන දැන ගැනීමට ඇමතිය යුතු කෙනාගේ contact number එක්ක, වෙබ් අඩවියක් හෝ විද්‍යුත් ලිපිනයක් ලෙස හෝ සටහන් කර තියෙන්න ඕන.

– ඒ වාගේම මෙම නිෂ්පාදනය ගබඩා කළ යුතු වන්නේ කුමන ස්ථානයක කුමන උෂ්ණත්වයක් යටතේද යන්න සහ විශේෂ උපදෙස් සටහන් වෙනවාද යන්න සොයා බලන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *