අලුත උපන් බබාගේ පියයුරු විශාල වන්නේ ඇයි?

Categories අලුත උපන්Posted on

අලුත උපන් බබාලගේ සමහර වෙලාවට විවිධ ශාරීරික වෙනස්කම් දකින්න ලැබෙනවා. ඒවා ඔයාට වගේම අනෙක් අයටත් ගැටලුකාරී තත්වයන් මතු කරනවා. ඔය අතරේ පිරිමි බබාලගේ දකින්න ලැබෙන විශේෂ ශරීර වෙනස්කමක් ගැනයි මේ කියන්න යන්නේ.

ගැහැණු බබාලට වඩා පිරිමි බබාලගේ උපතින් දින 3-5 කාලය තුළදී පියයුරුවල විශාල වීමක් දකින්න ලැබෙනවා. ඒ තත්වය සතියක් පමණ පවතින පුළුවන්. ඇත්තටම මේ තත්වය පවතින්නේ ඔයාගේ හෝමෝන වල බලපෑම නිසයි.

සමහරු නම් බබාගේ මේ තත්වය නැති කරන්න පියයුරු තැවීම, මිරිකා හැරීම් සිදු කළා. කෙසේ නමුත් තැවීම්, මිරිකා හැරීම, පොඩි කිරීම එතරම් හොඳ දෙයක් ම නෙවෙයි. මොකද එමඟින් බබාට ආසාදන තත්වයන් ඇතිවිය හැකියි. ඒ නිසා මේ තත්වය අඩු නොවන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *