විද්‍යුත් උපකරණ නිසා බබා ලෙඩ වන හැටි.

Categories වැදගත් උපදෙස්Posted on

අද ගොඩක් වෙලාවට ඔයා බබාව නළවා ගන්න දුරකථනය අතට දෙනවා. නැතිනම් රූපවාහිනිය දාලා දෙනවා.හැබැයි මේ දේවල් බබාට හුරු කරන එක එතරම් හොඳ දෙයක් නම් නෙවෙයි. මොකද එමඟින් මොකද එමඟින් බබාගේ ජිවිතයට ලොකු හානියක් කරන්න පුළුවන්.

ටීවී සහ දුරකථන බබාට අහිතකර ලෙස බලපාන හැටි.

– ශරීර ක්‍රියාශීලිත්වය අවම වීම නිසා දියවැඩියාව, හෘද රෝග සහ කොලොස්ටරෝල්, අධි ස්ථූලතා තත්වයන් වන බෝ නොවන රෝග වලට බබා ගොදුරු වමේ ඉඩකඩ වැඩියි.

– පරිසරය සමඟ නොගැටීම හේතුවෙන් ගහ කොළ, ඇළ දොළ, සතුන් සර්පයින් ගැන හැඟීමක් හෝ ආදරයක් නැති බබාලා බිහිවෙන්න වෙනවා.

– පවුලේ සහෝදර සහෝදරියන්, අසල්වැසියන් හෝ තමන්ගේම මවුපියන්ගෙන් දුරස් වී ඉලෙක්ට්‍රොනික උපාංගවලට එබී සිටින බබාලට අදාළ වයසට අවශ්‍ය සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාවද අහිමි වෙනවා.

– තිරයෙන් දකින සියලුම දේ දිහා කිසිම සිතීමකින් තොරව බලා සිටීමත්, මතක ශක්තිය, සිතීමේ හැකියාව සහ නිර්මාණශීලිත්වය හීන කරනවා.

– බබාගේ ඇහුම්කන්දීමේ හැකියාව අඩුවීම, ප්‍රකෝපකාරී ලෙස හැසිරීම සහ මුරණ්ඩු ගති පැවතුම් ඇති වීමට ද මේ බලපානවා.

– යතාර්ථය සහ මායාව වෙන් කරගැනීමට අපහසු වීම වගේම බබාගේ නිවැරදි තීරණ ගැනීමේ හැකියාවද අඩු වෙනවා.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *