බබාට ගුණදායක රුලං කැඳ එකක් හදලා දෙමු.

Categories වැදගත් උපදෙස්Posted on

බබාලට කෑම කවාගන්න එක ලේසි වැඩක් නෙවෙයි නේද? සමහර වෙලාවට එක ලොකු යුද්ධයක් වගේ. එකම කෑම, එකම රසට කන්න බබා අකැමති වීම ඊට හේතු වෙන්න පුළුවන්. ඒ, නිසා මේ කියන්න යන්නේ කෑමට හොර බබාලට හදලා දෙන්න පුළුවන් රස රුලං කැ​ඳ එකක් ගැනයි.

– ගිතෙල් ටිකක් එකතු කර රුලං කබලේ බැදගන්න.

– දිය කිරි, ලුණු සහ (සීනී/ හකුරු/ රටඉඳි සිරප්) වර්ගවලින් එකක් එකතු කර රුලං ටික තම්බන්න.

– එය තැම්බෙන තුරු හොඳින් හැඳිගාන්න.

– මේකටම පොඩි කරගත්ත බත් ටිකකුත් එකතු කර අන්තිමට මිටි කිරි ටික දාලා හැඳිගාන්න.

– මෙම කැඳ එකට කැබලි කරගත් ආමන්ඩ්, කජු හෝ වියළි මිදි ටිකක් දාලා තවත් රසවත් කරගන්න පුළුවන්.

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *