බබාගේ පෙකණිය නිවැරැදිව සාත්තු කරන හැටි.

Categories අලුත උපන්Posted on

බබා ඔයාගේ කුස තුළ සිටින කාලයේ ඔක්සිජන් සහ පෝෂණය ලබා ගාන්නේ පෙකණි වැලෙන්. බබා ඉපදුණු ගමන් එය කපා ඉවත් කරනවා. ඒත් මේ පෙකණියේ කොටසක් බබාගේ නාභියේ ටික දවසක් රැදි තිබෙනවා. හැබැයි සමහර වෙලාවට මේ ඉතිරි වන පෙකණි කොටස නිසා ආසාදන තත්වයන් ද ඇති වෙනවා. ඒ නිසා ඔයා බබාගේ පෙකණිය පිරිසිදු කිරිම නිවැරැදිව කළ යුතුයි. මේ කියන්න යන්නේ බබාගේ පෙකණිය පිරිසිදු කර ආරක්ෂා කරගන්නා ආකාරය ගැනයි.

– පුළුවන් තරමින් පෙකණි වැල ඇල්ලීමෙන් වලකින්න.

– පිරිසිදු කිරීමට මඳක් උණුසුම් ජලය යොදා ගන්න. කිසිවිටක spirit වර්ග, සබන් වර්ග, ක්‍රීම් වර්ග භාවිතා කරන්න එපා.

– සෑම විටම පෙකණි ප්‍රදේශය වියළිව තබා ගන්න. නැපිය ඇන්දවීමේදි පෙකණිය ආවරණය නොකරන්න.

– පෙකණිය ස්වභාවිකවම හැලී යාමට ඉඩ හරින්න. කිසි විටක ඇද ඉවත් කරන්න එපා.

සාමාන්‍යයෙන් පෙකණිය වැටුණු පසු ලේ බිංදු කිහිපයක් පිටවෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න බබාගේ පෙකණිය තුළින් වැඩිපුර රුධිරය වහනය වෙනවා නම්,පෙකණිය අවට රත් පැහැ වී ඉදිමී ඇත් නම්, කහ පැහැති සැරව ගලනවා නම් හෝ බබා අඩන විට පෙකණිය ප්‍රදේශය පිම්බී උඩට එනවා නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *