ගර්භණී සමයේදී උදෑසන වමනය මට්ටු කරන්නේ මෙහෙමයි.

Categories ගර්භණී සමයPosted on

ගර්භණී සමයේදී උදෑසන වමනය ගොඩක් අය අත්විඳින දෙයක්. හැබැයි ඔයා මේ නිසා මහත් පීඩාවට ලක් වෙනවා. මේ තත්වය ඇති වන්නේ ඔයාගේ සිරුරේ හෝර්මෝන වෙනස්වීම නිසයි. ඒ හින්දා අපි හිතුවා ඔයාගේ මේ පීඩාකාරී තත්වය අවම කරගත හැකියි ක්‍රම කිහිපයක් කියලා දෙන්න.

– ඔයා ගර්භණී වෙන්න කලින් ගත්ත තරම් කෑම වේලක් දැන් එකපාර ගන්න එපා. හොඳ පෝෂණයෙන් යුත් කුඩා ආහාර වේල් කිහිපයක් සැරෙන් සැරේ ගන්න.

– උදේම ක්‍රීම් කැකර් එකක් කාලා ඉගුරු ප්ලේන්ටි එක්ක බොන්න. තව ඉගුරු රස ඇති බිස්කට්, රසකැවිලි ඔබට ආහාරයට ගන්න පුළුවන්. හැබැයි සිනී අඩංගු ඒවා ගැනීමෙන් වළකින්න.

– උදෑසන වමනය දැනෙන විට අයිස් කැටයක් සූප්පු කරන්න. නැති නම් නෙල්ලි , වෙරළු හෝ ලොවි ගෙඩියක් කටේ දාගෙන ඉන්න.

– උදෑසන වමනය අඩු කිරීමට සැහැල්ලු ආහාර ඔයාට සුදුසුයි.

– නින්දට පෙර හා පසු පුංචි ආහාර වේලක් ගන්න.

– උදෑසන වමනය වළක්වා ගන්න පාද සම්බාහනය කරන්න.

හැබැයි ඔය කොහොම වුණත් දිගු ව‌ෙලා පවතින හා දරුණු ඔක්කාරය හා වමනය, විජලනය, බර අඩුවීම, නැගී සිටින විට අඩු රුධිර පීඩනය ‌හෝ අධි රුධිර පීඩනය, ඉතා තද පැහැති මුුත්‍රා පිට වීම හෝ පැය අටකට වැඩි කාලයක් මුත්‍රා පිිි‌ට‌ නොවීම, ආහාර හෝ තරල පැය 24 ක් තබා ගැනීමට නොහැකි විම, උදර වේදනාව ඇතිවීම, 38C ට වඩා වැඩි උෂ්ණත්වය, වේගවත් හෘද ස්පන්දන, වමනය තුළ රුධිරය තිබීම වැනි ලක්ෂණ පවතී නම් ඔයා හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *