බබාට උණ හැදුණාම ලබාදිය යුතු ආහාර.

Categories වැදගත් උපදෙස්Posted on

බබාට උණ හැදුණාම කන්න බොන්න හරි හොරයි. ගොඩක් වෙලාවට එයාලා කෑම වලට අප්‍රියතාවයක් දක්වනවා. හැබැයි උණක් අසනීපයක් හැදුණාම බබා දුර්වල වෙනවා. කෑම නොකා හිටියොත් නම් බබා තවත් දුර්වල වෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි මේ වගේ වෙලාවක බබාට දෙන කෑම වල ගුණ අගුණ ගැනත් සැලකිලිමත් විය යුතු වෙනවා. ඔයාට අද කියන්න යන්නේ උණ රෝගයෙන් පෙලෙන බබාගේ පෝෂණය වගේම හීන වී ගිය ශක්තිය ලබා දෙන ආහාර ගැනයි.

1. මව්කිරි

බබා තවමත් මව්කිරි බොන වයසේ පසු වෙනවා නම්, රෝගී බබාට නිතරම මව්කිරි දෙන්න. එමඟින් බබාට ආසාදන සමඟ සටන් කරන්න උදවු වෙනවා.

2. කුකුල් මස් සුප්

සාමාන්‍යයෙන් රෝගී වූ බබාගේ සිරුරට විශාල වශයෙන් විටමින්, ඛනිජ සහ ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. ඒවා එළවළු එකතු කළ කුකුල් මස් සුප් වල බෙහෙවින් අඩංගු වෙනවා. ඒ වගේම බබාට අවශ්‍ය තරල හා ඉලෙක්ට්‍රෝටයිට් කුකුල් මස් සුප් වලින් ලැබෙනවා. කුකුළු මස් වල සිස්ටීන් නම් ඇමයිනෝ අම්ලය අඩංගු වෙනවා. මෙහි ප්‍රති වෛරස් හා ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙනවා. ඒ නිසා එය උණ පාලනය කිරීමටද උපකාරී වෙනවා.

3. ශීත කළ පළතුරු හෝ මව්කිරි පොප්

බබාට උණ නම් කුඩා ශීත කළ ආහාර වේල් කිහිපයක් දීලා බලන්න.

නැවුම් පලතුරු යුෂ හෝ මව්කිරි පොප්සිකල් අච්චු වලට වත් කර ශීත කරන්න. මෙම ආහාර වර්ග දෙකම ප්‍රතිඔක්සිකාරක සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී තියෙනවා. ඒ නිසා එමඟින් ඔබේ දරුවාට ආසාදනයට එරෙහිව වඩා හොඳින් සටන් කිරීමට උපකාරී වෙනවා.

4. පොල් වතුර

බබාට උණ ඇති විට, ඔහුගේ ශරීර උෂ්ණත්වය අඩු කිරීමට නම් පොල් වතුර වඩාත් සුදුසුයි.

5. ඕට්මීල්

තැම්බූ, ක්‍රීම් සහිත ඕට්මීල් බඳුනකින් සැනසිලිදායක බවක් ලැබෙනවා. මීට අමතරව ඔට්මීල් විටමින් E වල ස්වාභාවික ප්‍රභවයක් වෙනවා. ඒ මගින් බබාගේ1 ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි කරනවා.

හැබැයි සකස් කළ ක්ෂණික ඕට්ස් මේ සඳහා භාවිතා කරන්න එපා. හොඳ ප්‍රතිඵල සඳහා සම්පූර්ණ ඕට්ස් තෝරන්න.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *