නව වසරේ 1 ශ්‍රේණියට පා තබන බබාලාගේ අම්මලට.

Categories මුල් ළමා අවධියPosted on

2020 නව වසරේ ඔයාගේ බබත් හා හා පුරා කියලා පාසල් යනවද? එහෙනම් ඔයාට මේ කරුණු ටික ගොඩක් වැදගත් වෙයි.

– පෙරපාසලේ ඉඳලා මුලින්ම පාසලට පා තබන චූටි බබාට අලුත් පාසල් පරිසරය ගැන කියලා දෙන්න.

– පාසල් කාලයේ ඔයා වින්ද සුන්දර අත්දැකීම් බබාට කියලා දෙන්න.

– ඔයාගේ නිවස තුළත් සාමකාමී පරිසරයක් ගොඩනගා ගන්න.

– රාත්‍රී නින්දට සහ උදෑසන අවදි වීමට නියමිත වේලාවක් බබාට පුරුදු කරන්න.

– ඔයාගෙන් වෙන් වීමේදී බබාට දුක, සංකාව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පාසල් යන්න අදිමදි කිරීම,ඇඬීම,යම් අසනීප ගති පෙන්වීම ,ආහාර වර්ජනය ,අකීකරු බව පෙන්වයි. හැබැයි මෙහිදී බබාට දඬුවම් නොකර ඔහුගේ තත්වය තේරුම් ගන්න.

– ඒ වගේම උදේට බබාව සූදානම් කරවීමේදී නිවසේ අනවශ්‍ය කලබලයක් ඇති කරගන්න එපා.

– බබාට නිදහසේ අලුත් පාසල් ජීවිතයට හුරු වෙන්න කාලය ලබා දෙන්න.

– බබා නිවසින් පිටවන විට ඔයා අඬන්න එපා. එතකොට බබාටත් දුක හිතෙයි. ඔයා සතුටින් ඉන්න බව බබාට අඟවන්න.

– ළමා මනස මෙන්ම ඒ සම්බන්ධ ක්‍රියාකාරකම් සහිත ලිපි,පොත් අනිවාර්යයෙන්ම කියවන්න .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *