මාස 03 බබාට සුදුසු ක්‍රියාකාරම්.

Categories වැදගත් උපදෙස්Posted on

බබාලා කුස තුළ ඉන්න කාලේ සිටම සමහරු බබාට විවිධ දේ උගන්වනවා. හැබැයි සමහර බබාලා ඉන්නවා වයස අවුරුදු 4, 5 වෙනකොටත් විවිධ ක්‍රියාකාරකම් වලට හුරුවෙන්න කාලයක් ගත වෙනවා. හැබැයි බබාලගේ ඒ ඒ වයස් කාණ්ඩ වලට අනුව බබාලට ක්‍රියාකාරකම් උගන්වන්න. මේ කියන්න යන්නේ මාස 03ක් වයසැති බබාලට සුදුසු ක්‍රියාකාරම් ගැනයි.

– මුල් මාස 3, 4 තුළ බබාව විනාඩි 20 – 30 අතර කාලයක් මුනින් අතට තියන්න.

– තද කළු සහ සුදු පින්තූර අඟල් 08 – 10 ක් පමණ ඈතින් බබාට පෙනෙන සේ තබන්න.

– විවිධ සංවේදනයන් බබාට ලබාදීම සඳහා සංවේදන වළල්ලක් හෝ Mat එකක බබා රඳවන්න.

– වර්ණවත්, විවිධ හැඩයන්ගෙන් සහ විවිධ ශබ්දයන්ගෙන් යුත් රැට්ල්ස් බබාට ඇසෙන්න සොලවන්න.

– ඔයා රෙද්දකින් මුහුණ වසා බබා සමඟ හැංගි හොරා සෙල්ලම් කරන්න.

– බබාව ළඟින් තියාගෙන කතන්දර කියාදෙන්න.

– ඒ වගේම හැකි තරම් බබාට ආදරය, උණුසුම ලබා දෙන්න.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *