බබාට සෙල්ලම් කරන්න ස්භාවික ස්ලයිම් එකක් හදලා දෙමු.

Categories වැදගත් උපදෙස්Posted on

ඉස්සර නම් බබාලා සෙල්ලම් කළේ මැටි වලින්.හැබැයි දැන් නම් ක්ලේ, ස්ලයිම් වගේ වෙනත් ද්‍රව්‍ය වලින් තමයි බබාලා සෙල්ලම් කරන්නේ. ඔය අතරින් ස්ලයිම් වලට තමයි වැඩි ඉල්ලුමක් තියෙන්නේ. ස්ලයිම් කියන්නේ ජෙලි වැනි ද්‍රව්‍යක්. හැබැයි මේ ස්ලයිම් බබාලට විෂ වන අවස්ථාත් තියෙනවා. අනික සමහර අම්මලා අන්තර්ජාලයෙන් බලාගෙන ස්ලයිම් හදලා දෙනවා.මේ වැඩේ නම් කීයටවත් කරන්න එපා. ඒවාට දාන රසායනිකයන් නිසා බබාට හානි වෙන්න පුළුවන්. හැබැයි මේ කියන්න යන්නේ බබාට සෙල්ලම් කරන්න හදලා දෙන්න පුළුවන් ස්භාවික ස්ලයිම් එකක් ගැනයි.

1.සාදාගන්න ආකාරය

– ෂැම්පූ කෝප්ප 1/2 ක් ඉරිඟු පිටි කෝප්ප1/4 ඇති බඳුනකට දමන්න.

– හොඳින් මිශ්‍ර කරන්න.

– ආහාර වලට යොදන වර්ණක බින්දු 3 ක් එක් කරන්න(හැබැයි එය බබාට ඇලජික් නම් යොදන්න එපා.)

– වතුර තේ හැදි 1 ක් එකතු කර හොඳින් දැන් කලවම් කරන්න.ටිකෙන් ටික වතුර හැදි 5 ක් එක් කරන්න.

– මිනිත්තු 5 ක් පමණ ස්ලයිම් එක හොඳින් අනන්න.

– එම මිශ්‍රණයේ ඇලෙන සුළු ගතිය අඩු කරගන්න තව ඉරිඟු පිටි එකතු කරන්න.

2. සාදාගන්න ආකාරය

– සුදු පාට ගම් කෝප්ප ¼ ( එහි අන්තර්ගත අමුද්‍රව්‍ය පරීක්ෂා කරන්න) සහ ඉරිඟු පිටි කෝප්ප 1/2 බඳුනකට වත් කරන්න.

– දැන් එයට ආහාර වර්ණක බින්දු 3 ක් එකතු කරන්න (අත්‍යවශ්‍ය නැහැ).

– එය හොඳින් මිශ්‍ර කරන්න.

– මිනිත්තු 10 ක් ඔබේ දෑතින් එය අනන්න.

– තත්පර 20 ක් මයික්‍රෝවේව් දමා රත් කරන්න.

– එය සිසිල් වීමට ඉඩ දෙන්න.

– ඉන්පසු තවත් විනාඩි 10 ක් හොඳින් අනන්න.

හැබැයි මේ සමග සෙල්ලම් කරන විට ඔයාගේ බබාට මුඛය ස්පර්ශ කිරීමට ඉඩ නොදෙන්න. ඒ වගේම සෙල්ලම් කළ පසු දෑත් සෝදන්න මතක් කරන්න.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *