බබාලට ආසාදනය විය හැකි ඇස් රෝග මොනවද?

Categories වැදගත් උපදෙස්Posted on

ඇස් රෝග කියන්නේ බබාලා අතර සීග්‍රයෙන් පැතිරිලා යන රෝගයක්. හැබැයි ඇස් රෝග කිව්වාම බබාට ඇස් ආශ්‍රිත විවිධ ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ කියන්න යන්නේ ඒ වගේ බබාලට හැදෙන්න පුළුවන් ආසාදන තත්වයන් කිහිපයක් ගැනයි.

1. Sty

මෙම රෝගය ඇති වන්නේ බබාගේ ඇහිබැම යට තෙල් ග්‍රන්ථි වල බැක්ටීරියා ආසාදනය වීමෙන්.

රෝග ලක්ෂණ

– බබාගේ ඇසපිය මත රතු ගැටිති ඇතිවීම,
– ඇස් වලින් සුදු හෝ කහ පැහැයෙන් සැරව ගැලීම,

ප්‍රතිකාර

පිරිසිදු රෙදි කැබැල්ලක් උණුසුම් ජලයේ පොඟවා විනාඩි 15 ක් බබාගේ ඇස්වලට තද කරන්න. තාපය සැරව විවෘත වී ඒවා වේගයෙන් ගලා යයි. මෙය දිනකට 4 වතාවක්වත් කරන්න හැබැයි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නත් අමතක කරන්න එපා.

2. Pinkeye / Conjunctivitis

මෙය අභ්‍යන්තර අක්ෂි හෝ ඇහිබැම වල ඇති වන දැවිල්ලක්.

රෝග ලක්ෂණ

– බබාගේ ඇසේ කාචය සුදු හෝ රතු පැහැයක් ගැනීම.

3. Chalazion

ඇසිපිය මත ඇති වන ගැටිත්තක් හෝ ගෙඩියක්. මෙය ඉහළ හෝ පහළ අක්ෂිවල පිහිටා ඇති තෙල් නිපදවන ග්‍රන්ථියක දැවිල්ලක් නිසා මෙය ඇති වෙනවා.

එය හටගත් මුල් අවදියේදී කව්පි ඇටයක් ලෙස විශාල විය හැකියි. එය එතරම් වේදනාකාරී නොවුණත් බබාගේ ඇස් පෙනීම බොඳ වෙන්න පුළුවන්.

4. Blepharitis

මෙම ආසාදනයේදී බබාගේ ඇසිපිය ඉදිමී ඇති අතර ඔහුගේ සැරව ගැලීම, රතු පැහැයක් ගැනීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට හැකි ඉක්මනින් බබාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න.

 

 

 

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *