ආසාදනයන්ගෙන් බබාව ආරක්ෂා කරගන්නේ මෙහෙමයි.

Categories වැදගත් උපදෙස්Posted on

සාමාන්‍යයෙන් බබාලා ඉකමනින් ආසාදන වලට ගොදුරු වෙනවා. විශේෂයෙන්ම බබාලා ගොඩක්ම එළිමහන් ක්‍රියාකරකම් වලට වැඩි ඇල්මක් දක්වනවා. හැබැයි මේ දිනවල පවතින උණුසුම් කාලගුණයත් සමඟ බබාලට ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බබාට ඇති වන ආසාදන තත්වයන් සහ බබාලව ඒවයෙන් ප්‍රවේශම් කළ යුතු ආකාරය ගැන ඔයාට අවබෝධයක් තිබිය යුතුමයි.

බබාගේ සමේ ආසාදනයක් ඇති වුණොත් කළ යුතු දේ

– පලු, විසර ගෙඩි, හෝ කුරුළෑ පිපිරවීම, කැසීම, හෝ ඒවාට ඇනීම නොකල යුතු බව බබාට කියලා දෙන්න. බබාට ශාරීරික අපහසුතාවයක්, වේදනාවක්, හෝ උණ ඇති නම්, නියමිත මාත්‍රාවට පැරසිටමෝල් ලබාදෙන්න.

හැබැයි බබාගේ සමේ සැලකිය යුතු ප්‍රදේශයක ආසාදනය පැවතීම, සමේ ආසාදනය ක්‍රමයෙන් විශාල හෝ උග්‍ර වීම,උණ හෝ වෙව්ලීම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

ඒ වගේම බබාගේ අත් නිතර හොඳින් සේදීමට බබාට උපදෙස් දෙන්න. බබාගේ සමේ පවතින සීරීම්, කැපුම්, සහ තුවාළ හොඳින් සබන් සහ ජලය යොදා සෝදා, වියලීමෙන් අනතුරුව, ප්‍රතිජීවක ඖෂධ අඩංගු ක්‍රීම් වර්ගයක් හෝ දියරයක් ආලේප කර, පිරිසිදු සහ වියළි බැන්ඩේජ් එකකින් ආවරණය කරන්න. තුවා, ඇඳුම්, රේසර්, සහ ක්‍රීඩා වලදී භාවිතා කරන ඇඳුම්, පැළඳුම් හවුලේ භාවිතා කිරීමෙන් වළකින ලෙසත් බබාට පහදා දෙන්න.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *