බබාට රස ගුණ පිරි ධාන්‍ය සුප් එකක් හදලා දෙමු.

Categories වැදගත් උපදෙස්Posted on

ඔබ බබාගේ පෝෂණය ගැන නිරන්තරයෙන්ම වගේ සොයා බලනවනේ. ඒ නිසා මේ කියන්නෙත් බබාට පෝෂණීය වගේම රසවත් සුප් එකක් හදාගන්න ආකාරය ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය

– පොගවා ගත් කව්පි, කඩල සහ මුං ඇට

– කුකුල් මස් තම්බා ගත ජලය

– ලීක්ස්

– කැරට්

– තක්කාලි

– ළූනු

– බිත්තර සුදු මද 2ක්

– තම්බා ගත් නුල්ඩ්ස්

සාදාගන්න ආකාරය

– කුකුල් මස් තම්බා ගත් ජලයට කෑලි කපා ගත් එළවලු එකතු කරගන්න

– දැන් එය රත් කරගන්න

– ඉන්පසු පොගවා ගත් ඇට බ්ලෙන්ඩර් කර එළවලු මිශ්‍රණයට එකතු කරන්න

– සුප් එක උතුරාගෙන එනවිට එයට තක්කාලි ,බිත්තර සුදු මද ,තම්බපු නූඩ්ල්ස් සහ අවශ්‍ය පමණට ලුණු එකතු කරන්න.

– දැන් බබාට රසවත් සුප් එකක රස බලන්න දෙන්න පුළුවන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *