දරු ප්‍රසුතියේදි යෝනිය හා ඒ අවට ඉරියෑම ගැන ඔබ බිය වෙලාද?

Categories වැදගත් උපදෙස්Posted on

සාමාන්‍ය දරු ප්‍රසුතියකදී යෝනිය තුවාල වීම නිතර අහන්න දකින්න ලැබෙන දෙයක්. සමහර වෙලාවට ඔයා මේ ගැන හිතලා බිය වීම, කායිකව සහ මානසිකව පීඩා විඳිනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කියන්න හදන්නේ එවැනි අවස්ථාවකදී කලබල නොවී තුවාල සුව කරගන්න හැටි.

බොහෝ විට සාමාන්‍ය දරු ප්‍රසුතියේදි දරුවා ගර්භාෂයෙන් පිටතට තල්ලු කරද්දි හෝ දරුවා බිහිවීම පහසු කිරීමට වෛද්‍යවරයා විසින් යොදන කැපුම් නිසා යෝනිය හා ඒ අවට තුවාලවීම සිදු වෙනවා.

එලෙස සම පමණක් ඉරියාම, සම හා මාංශ පේශීන් ඉරියාම, ගුද මාර්ගය දක්වා ඉරියාම, සහ ගුද මාර්ගය දක්වා මාංශ පේශි දක්වා ඉරියාම මෙම ක්‍රම 4ටම සිදු වෙන්න පුළුවන්. යෝනිය හා පෙරිනියල් ප්‍රදේශ තුවාල වු විට එය ටිකක් වේදනාකාරී වගේම සුව වීමටත් ටික කාලයක් යනවා.

සෙන්ටිමීටර් 2 කට වඩා ලොකු ඉරියාම් සදහා මැහුම් යොදන්න සිදුවෙනවා. එය ප්‍රසුතිය සිදු වු වහාම ‌වෛද්‍යවරයා තීරණය කරනු ලබනවා. එම තුවාල සුව වෙන විට ඒ ප්‍රදේශයේ මෘදුබවක් දැනෙන්න අතර තුවාල සුවවෙන්න දින 7 ත් 10 ත් අතර කාලයක් යනවා.

මෙම තුවාල සුළු ‌කොට සලකන්න එපා. මොකද ආසාදනය වීමෙන් ඔයාට වඩා දරුණු තත්වයක් ඇති විය හැකියි. ඒ නිසා නිතරම වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

– මුත්‍රා පිට කළ පසු උණුසුම් ජලයෙන් එම ප්‍රදේශය පිරිසිදු කරන්න. තවන්න.

– රෝහල විසින් අනුමත කරන ලද සනීපාරක්ෂක පෑඩ් සමඟ එන ගෝස් පෑඩ් හෝ ටිෂු භාවිතා කර ඇතිල්ලිමකින් තොරව සෙමෙන් පිසදමමින් වියළාගන්න.

– අවම වශයෙන් සෑම පැය4ක් හෝ 6කට වරක් වත් සනීපාරක්ෂක තුවා මාරු කරන්න.

– එම ප්‍රදේශය ස්පර්ශ නොකරමින් සුවවෙන්න දෙන්න. ස්පර්ශ කිරීමෙන් එය සුවවීමට කාලයක් ගතවෙනවා.

– මළපහ පිට කිරීමේදි ඔබේ අලුතින් යෙදු මැහුම් ඉරෙයි කියලා බිය වෙන්න එපා. එසේ සිදු වන්නේ නැහැ.

– තුවාල සුවපත් වීම සදහා ධාන්‍ය වර්ග, නැවුම් පලතුරු සහ එළවළු වැනි ආහාර ආහාරයට එක්කර කරන්න

– ටික සුව වූ විට මළ මෘදුකාරකයක් හෝ මෘදු විරේචකයක් ගැනද ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

– යෝනිය තුවාල වීම නිසා ඇතිවෙන වේදනාව අඩු කිරීමට අයිස්වලින් පිරුණු ශල්‍ය අත්වැසුම් හෝ සීතල පැකට්ටුවක් සහිත පෑඩ් එකක් තුවාලය මත මෘදුව තබන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *