වෙට් ටිෂූ වලින් බබාට හානි වන හැටි.

Categories වැදගත් උපදෙස්Posted on

අද ගොඩක් දෙනෙක් බබාට Use කරන්නේ ළදරු වෙට් ටිෂූ. බබා මළපහ කිරීමෙන් පසු පශ්චාත් භාගය පිරිසිදු කිරීමට හෝ බබාගේ මුහුණ පිසදමන්න ඔයා නිතර දෙවේලේ වෙට් ටිෂූ Use කරන්න පුරුදුවෙලා ඉන්නවා. හැබැයි මේවා භාවිතයෙන් බබාට විවිධ ආසාත්මිකතා හෝ දරුණු ලෙස හානි ඇති වෙන්න පුළුවන් බව ඔයා දැනගෙන හිටියේ නැහැ නේද?

සමහර වෙළඳනාම යටතේ නිපදවෙන බේබි වයිප්ස් වලට කල්තබාගැනීමේ අමුද්‍රව්‍යයක් ලෙස මෙතිලිසෝතියසොලින් (MI) යන රසායනිකය කල් තබා ගැනීමට යොදාගන්නවා. එය සමහර බබාලට දරුණු ආසාත්මිකතා ප්‍රතික්‍රියා ඇති කළ හැකි බව පර්යේෂණ වලින් අනාවරණය කරගෙන තිබෙනවා. එමඟින් බබාගේ සම කැසීමට ලක් වී පසුව දද, කුෂ්ඨ සහ තුවාල ඇති වෙනවා.

ඒ, නිසා පහසුව, ගැන නොහිතා බබාගේ ආරක්ෂාව වෙනුවෙන් වෙට් වයිප්ස් භාවිතයෙන් වළකින්න.ඊට විකල්ප ක්‍රම අනුගමනය කරන්න.

– බබාව පිරිසිඳු කිරීමේදී ජලය භාවිතා කරන්න. බබා මළපහ කළ පසු මෘදු ළදරු සේදීමක් ගල්වා පිරිසිඳු ජයලයෙන් සොදා හරින්න. අලුත උපන්බබාලා සඳහා ඇල්මැරුණු වතුරේ පොඟවාගත් පිරිසිදු කපු පුළුන් බෝලවලින් ඇඟ ගුද ප්‍රදේශය පිරිසිදු කර ගන්න පුළුවන්.

– ඊට අමතරව කපු රෙදි වලින් පිස දාන්න පුළුවන් නම් තවත් හොඳයි. අනික එය පරිසර හිතකාමීයි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *