රාත්‍රී නින්දේදී නිතර කිරිබොන බබාගේ කිරිබීම නවත්වන්නේ මෙහෙමයි.

Categories වැදගත් උපදෙස්Posted on

ගොඩක් බබාලා රෑ නින්දෙන් ඇහැරිලා සැරෙන් සැරේ අවදිවී කිරි ඉල්ලනවා. ඒත් බබා ටිකෙන් ටික ලොකු වෙද්දී නම් කොට රෑ පුරා මව්කිරි බොන එක නවත්වන්න ඔයා ගොඩක් උත්සහ කරනවා.

සාමාන්‍යයෙන් මාස 4-6 දක්වා වන විට බබාලට රාත්‍රියට ආහාරයක් නැතිව දිගටම නිදාගන්න පුළුවන්. හැබැයි බබාලත් වැඩිහිටියන් වගේමයි. ඔවුනුත් පුරුදු, හැසිරීම් වලට ඇබ්බැහි වෙනවා. සමහර බබාලා නම් ඔවුන් විසින්ම රාත්‍රී කිරි බීම නතර කරනවා. ඒත් සමහර බබාලා බඩ පුරවා ගන්න නෙමෙයි, සැපට නිදාගන්න රෑ ඇහැරිලා අම්මගෙන් කිරි ඉල්ලනවා.

 

රාත්‍රියට මව්කිරි බොන බබාලගේ කිරි වරන්නේ කොහොමද?

– බබාට නින්දට පෙර කිරි බෝතලයක් බොනවා නම් නින්දට යාමට ආසන්නයේම තවත් අමතර කිරි එකක් ලබා දෙන්න. ඒ වගේම නින්දට පෙර අමතර කෑමක් සීරියල් එකක් හෝ බත් වැනි ඝන ආහාරයක් ලබා දෙන්න. ඒ, නිසා උදේ වන තුරු බබාට කුස ගින්නක් දැනෙන්නේ නැහැ.

– බබා රෑ මැද ඇහැරුණොත් මව්කිරි දීම වෙනුවට මහපට ඇඟිල්ලෙන් නළල පිරිමදින්න. නැතිනම් පළවෙනි ඇඟිලි දෙක යොදාගන්න. නළල රවුමට හෝ දිග අතට පිරිමදින්න එය දරුවාට සහනයක් හා සුවයක් ලබාදෙනවා.

– කෑම හා කිරි පොවන විට බබා කැමති අම්මා වටේ දැවටෙන්නයි. ඒ නිසා බබාව සැමියා ළඟ නිදි කරවන්න පුළුවන් නම් හොඳයි.

– කැෆේන් අඩංගු කෑම බීම බබාට ලබා දීමෙන් වළකින්න. එමඟින් බබාගේ නින්දට බලපෑම එල්ල වෙනවා.

– කාමරය අඳුරේ තබන්න. අනෙකුත් ශබ්ද මගින් නින්දට බාධා නොවන තැනක බබාව නිදි කරවන්න

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *