චූටි බබාට වෙනස්ම විදිහකට බෙරි බත් හදලා දෙමු.

Categories වැදගත් උපදෙස්Posted on

මාස 6 න් පස්සේ බබාට ආහාර හඳුන්වා දෙනවා. හැබැයි මුලින්ම දෙන්න බේරී කරපු බත්. ඒත් එලෙස ඒ විදිහටම බේරී බත් දුන්නොත් බබාට එපා වෙන්න පුළුවන්. ඒ නිසා මේ යන්නේ බබාට එළවළු බෙරි බත් එකක් හදාගන්න විදිහ ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය

– සුවදැල් හෝ කැකුළු හාල් මිටක්
– පරිප්පු / පැළ කරගත් මුං ඇට/ පොගවා ගත් කවුපි හෝ කඩල
– වට්ටක්කා/ කැරට්
– බෝංචි/ ගෝවා
– පලා වර්ගයක් – ගොටුකොළ/ මුකුණුවැන්න/ කතුරුමුරුංගා

සාදාගන්න ආකාරය

– සහල් ටිකට ධාන්‍ය වර්ගය දමා හොදින් සෝදා ගන්න.

– ඉන්පසු එයට කුඩා කැබලි කපාගත් එළවළු ටික එකතු කරන්න

– ඉන්පසු ජලය ටිකක් යොදා පිසෙන්න අරින්න

– ලිප නිවලා බතට පලා ටික එකතු කරලා විනාඩි 5 ක් විතර තිබෙන්න හරින්න

– පිසිනු පසු කැබලි සිටින සේ පොඩි කරලා බබාට කවන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *