වර්තමානයේ ගොඩක් දෙනෙක් ස්වාභාවික දරු ප්‍රසුතිය වෙනුවට සීසේරියන් සැත්කම් තෝරාගැනීමට පෙළඹෙනවා. සීසෙරියන් සැත්කමකින් තම පළමු බබා බිහිකළ මවුවරුන් ඔවුන්ගේ දෙවන දරුවා සඳහා ද සීසෙරියන් සැත්කමකට යොමු වීමට 90% ක සම්භාවිතාවයක් තිබෙනවා.
බොහෝ වෙලාවට සීසෙරියන් සැත්කම් කොපමණ ආරක්ෂිත වනවාද යන්න පිළිබඳ පැහැදිලි පිළිතුරක් නැහැ. හැබැයි සිසේරියන් සැත්කම් වැඩි ප්‍රමාණයක් කිරීම කාන්තාවන්ට වැඩි අවදානමක් ඇති කළ හැකි බවයි වෛද්‍යවරුන් නම් පවසන්නේ.
මොනවාද මේ අවදානම්?
– ඔයා සීසේරියන් සැත්කමකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම බාහිර මෙන්ම අභ්‍යන්තර කැළැල් ඇති වීම
– නැවත සිදුකරන සීසේරියන් සැත්කම් වලින් පසු ඔයාගේ වැදෑමහ මගින් ඇතිවෙන ගැටලු , ඔබේ වැදැමහ ඇතැම් විට ගර්භාෂයේ බොහෝ රෝපණය කළ හැකි අතර සමහර විට ඔයාගේ ගැබ් ගෙලහි විවරය පවා ආවරණය කළ හැකියි.
– මුත්‍රාශයේ හෝ ගුද මාර්ගයේ තුවාල
– අධික රුධිර වහනය
ඒ නිසා දරු ප්‍රසූතියට පෙර මේ පිළිබඳව ඔයාගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න.