බබාට රස ගුණ පිරි ත්‍රිපෝෂ බිස්කට්

Categories වැදගත් උපදෙස්Posted on

බබාගේ දත් එන කාලයේ පහසුවෙන්ම කන්න පුළුවන් රස ත්‍රිපෝෂ බිස්කට් හදලා දෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය

– සීනි 200g ක්
– ත්‍රිපෝෂ 200g ක්
– බටර් 150g ක්
– ලුණු ස්වල්පයක්
– බිත්තරයක්
– බේකින් පවුඩර් තේ හැන්දක්

සාදාගන්න ආකාරය

– සීනි සහ බටර් එකට මිශ්‍ර කරගන්න
– එම මිශ්‍රණයට බිත්තරය එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
– දැන් ත්‍රිපෝෂ වලට බේකින්සෝඩා සහ ලුණු එකතු කර කවලම් කරගන්න
– පසුව එයට කලින් සාදාගත් මිශ්‍රණය එකතු කරන්න
– එය හොඳින් මිශ්‍ර කර පිටි ගුලියක් සාදා පසුව එය රොටියක් ලෙස හදාගන්න
– දැන් එය පොඩි කෑලි වලට කපා ගන්න
– පසුව තැටියේ බටර් ගලා කපාගත් කෑලි ඒ මත අතුරන්න.
– ඉන්පසුව විනාඩි 10ක් සෙල්සියස් අංශක 160ට තබා Free hit කරගන්න
– සෙල්සියස් අංශක 175ට විනාඩි 20ක් hit කරගන්න

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *