බබාගේ අඩු පෝෂණ තත්වයන්ට බලපාන හේතු

Categories වැදගත් උපදෙස්Posted on

බබාගේ නිසි බර පවත්වාගන්න ඔයා නිතරම වෙහෙසෙනවා. බබාගේ කායික වර්ධනය මෙන්ම මානසික වර්ධනය සිඝ්‍රයෙන් සිදුවන්නේ ජීවිතයේ මුල් වසර කිහිපයේදීයි. එලෙස අවශ්‍ය නිසි පෝෂණය නොලැබීම යාම මඟින් ඔවුන්ගේ අනාගත නිරෝගී භාවයට අහිතකර ලෙස බලපානවා. ඒ වගේම බබාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීමට සහ නිරෝගී භාවයට බර ගොඩක් වැදගත්.

සාමාන්‍යයෙන් බබාට අමතර ආහාර ලබාදෙන්න පටන් ගැනීමත් සමඟ බබාගේ බර අඩු වන බවට ගොඩක් මව්වරුන්ගේ මතයක් තියෙනවා. බැහැයි බබාගේ බර අඩුවෙන්න, පෝෂණය මදි වෙන්න විවිධ හේතු බලපාන්න පුළුවන්.

බබගේ අඩු පෝෂණ තත්වයන්ට බලපාන හේතු

– බබාට අමතර ආහාර හඳුන්වා දෙන වයස
– ආහාරවල සංයුතිය
– ආහාර ප්‍රමාණය
– බබාට ආහාර ලබා දෙන වාර ගණන
– ශක්‌ති ඝනත්වය
– ආහාරවල අඩංගු පෝෂක ප්‍රමාණය
– පිරිසිදුකම පිළිබඳ පුරුදු
– ප්‍රතිචාරාත්මක ආහාර කැවීම්
– රෝගී අවස්‌ථාවලදී සහ සුව සුව වූ විගස බබාට ආහාර කැවීම
– බබාට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබීම
– සෞඛ්‍ය සේවාවන් භාවිත කිරීමට බලපාන සංස්‌කෘතිකමය සාධකයන්
– පවතින ආහාර වර්ග
– බබා අසනීපවලට ලක්‌ වීම
– ක්ෂුද්‍ර පෝෂකවල හිගකම
– සුදුසු නොවන ආකාරයෙන් බබාට ආහාර කැවීමේ පුරුදු
– බබාගේ පෝෂණ තත්වයේ බාල වීම්වලට උදව් දෙන ආහාර කැවීම

බබාගේ බර වැඩී කළ හැකි ක්‍රම

– යකඩ බහුල ආහාර දරුවාට ලබා දීම
– දියරමය ස්වභාවයෙන් නොව අර්ධ ඝන ස්වභාවයෙන් ආහාර ලබා දෙන්න.
– ලුණු කැඳ, සුප් වර්ග වැනි දියරමය ආහාර දිනපතා දරුවාට බබාටනොදෙන්න. මොකද දියරමය ආහාරවල පෝෂණ ගුණය අඩු බව මතක තබා ගන්න.
– ආහාර බ්ලෙන්ඩර් කිරීමෙන් වැළකීම
– බබාගේ වයසට ගැලපෙන ආහාර ප්‍රමාණයක් ලබා දිය යුතුයි
– ප්‍රෝටීන් බහුල ආහාර ද ආහාරයට එක් කිරීම

– නිතර ශීතකරණලද ආහාර දීමෙන් වළකින්න.
– අමතර ආහාර දෙන අතරට අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කාලයක් මව්කිරි දීමද සුදුසුය.
– මයික්රෝතවේව් වැනි උදුන් භාවිතා කරමින් නිරත කෑම රත් කිරීම නොකරන්න.
– පියලි ආහාර අවශෝෂණය පහසු වීමට පිළියෙල කිරීමට පෙර පෙඟවීම මෙන්ම පැළවෙන්නට හැර පිළියෙල කිරීම ද කළ හැකියි.
– මාශ බෝග, රනිල බෝග සහ ඇට වර්ගවල දරුවන්ගේ වර්ධනයටඅවශ්‍යයි.
– වැඩි වාර ගණනක් පුරා කුඩා ප්‍රමාණ වලින් මෘදු රස වැඩි සහ ගිලීමට පහසු ආහාර ලබා දෙන්න.
– මසකට වරක් අනිවාර්යෙන් බබාගේ බර කිරා ගන්න
– දේශීය එළවළු පළතුරු සහ ධාන්‍ය වර්ග පලා වර්ග සහ මාළු සහිත පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදෙන්න

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *