ගර්භනී සමයේදී ලිස්ටීරියෝසිස් වුණොත් මොකද වෙන්නේ?

Categories ගර්භණී සමයPosted on

ගර්භනී සමයේදී ඔයාට විවිධ ආසාදන තත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ආසාදනයක් තමයි ලිස්ටීරියෝසිස් කියන්නේ. මේක හැදෙන්නේ ලිස්ටීරියා මොනොසයිටොජීනස් නම් බැක්ටීරියාව මඟින්. එය සැකසූ ආහාර, අපිරිසිදු ජලය සහ සත්ව මළ මූත්‍රාවල ආසාදනය වෙනවා.

ගර්භනී සමයේදී මෙම ලිස්ටීරියෝසිස් ඔයාට ආසාදනය වුණොත් කලලයට අවදානමක් ඇති කරනවා. ඊට ප්‍රතිකාර නොකළහොත් එය ගබ්සා වීම, කලලය මිය යාම, නොමේරූ දරු ප්‍රසූතිය සහ මළදරු උපත් වලටද හේතු වෙන්න පුළුවන්.

ඒ නිසා මේ කාලයේදී ඔයා සැකසූ මස්, කිරි ද්‍රව්‍ය සහ ඇසුරුම් කළ ආහාර වලින් වළකින්න. එවැනි ආසාදන තත්වයන් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *