ගර්භනී සමයේ යෝනියේ ගන්ධය අඩු කරගන්නේ මෙහෙමයි

Categories ගර්භණී සමයPosted on

ගර්භනී සමයේදී ඔයාගේ සිරුර තුළ ගොඩක් වෙනස්කම් සිදු වෙනවා. ඔය අතරේ සිරුරේ අනෙක් අවයව වලට වගේම යෝනියද විවිධ වෙනස්කම් වලට මුහණ දෙනවා.එහි ඇමෝනියා ගන්ධයක් ඇති වීම මුත්‍ රාසමඟ ඇමෝනියා පිටවීම නිසා සිදුවෙනවා. මෙලෙස ඇමෝනියා පිටවීමට ඔයා ලබාගන්න ආහාර , ඖෂධ හෝ විජලනය හේතු වෙන්න පුළුවන්.

ගර්භනී සමයේදී ඔයා කන බොන දේවල් ඔයාගේ වල ගන්ධයක් ඇති කිරීමට බලපානවා. ඒ වගේම මුතා පිට කිරීමේ පසුව යෝනිය අවට මුත්‍රා යම් ප්‍රමාණයක් ඉතිරි වන අතර ඒවා නිසාත් යෝනීයෙන් ගන්ධයක් ඇති වෙන්න පුළුවන්. මුත්‍රා ආසාදන, ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (ලිංගාශ්‍රිත රෝග) වැනි සමහර ආසාදන නිසා යෝනීයේ අමුතු හෝ අප්‍රසන්න ගන්ධයක් ඇති විය හැකියි.

ගැබිනි සමයේ යෝනියේ ගන්ධය වැළැක්වා ගත හැකි ක්‍රම

1. නිවැරදි සනීපාරක්ෂක ක්‍රම පවත්වා ගන්න

– නිතිපතා ඇඳුම් සහ ඇඳ ඇතිරිලි සෝදන්න. එහිදි සංවේදී සම සඳහා සුදුසු නිෂ්පාදන පමණක් තෝරන්න.

– ඔයා යෝනි මාර්ගය පිරිසුදු කරද්දි යෝනි මාර්ගය පැත්තේ සිට පසුපසට පිස දමන්න. එවිට ගුද මාර්ගයේ බැක්ටීරියා ආසාදනය වීම් වැළකෙනවා.

– යෝනීය මෘදු සබන් හා ඇල්මැරුණු ජලයෙන් සෝදන්න. හැබැයි සුවඳැති සබන් , යෝනි ඩියෝඩ්‍රන්ට්, විෂබීජ නාශක නිෂ්පාදන වලින් යෝනිය ඇතුළත සේදීමෙන් වළකින්න.

2. සිරුර සජලීකරණයෙන් තබාගන්න

යෝනි මාර්ගය ඇමෝනියා වැනි සුවඳකින් වළක්වා ගත හැකි පහසුම ක්‍රමයක් නම් මුත්‍රා පෙරීම සඳහා ශරීරයට ප්‍රමාණවත් තරලයක් පවත්වා ගන්න ඕන. ඒ නිසා හොඳින් ජලය පානය කරන්න.

3. නිතර නිතර මුත්‍රා කිරීම

මුත්‍රාශයේ වැඩි කාලයක් මුත්‍රා පවතින විට එහි යූරික් අම්ලය සමඟ සාන්ද්‍ර වෙනවා. ඒ විදිහට වැඩි කාලයක් මුත්‍රා මුත්‍රාශයේ රැදී තිබීමෙන් බැක්ටිරියාද වර්ධනය වෙනවා. හැබැයි නිතර නිතර හෝ මුත්‍රා කිරීමෙන් මෙය වළක්වා ගන්න පුළුවන්.

4. ප්‍රෝබියොටික් අනුභව කිරීම

ප්‍රෝබියොටික් කියන්නේ බඩවැල් වල වෙසෙන හිතකර බැක්ටීරියා විශේෂයක්. එම ප්‍රෝබියොටික් අඩංගු ආහාර අනුභව කිරීමෙන් මුත්‍රා ආසාදන අවම කරනවා. සමහර යෝගට් වල මේවා අඩංගු වෙනවා.

5. ආරක්ෂිත ලිංගික ඇසුරක් පැවැත්වීම

අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් නිසා ඇමෝනියා වැනි ගන්ධයක් ඇති කරන්න පුළුවන්.ඒ නිසා ඒ නිසා ඔබේ ලිංගික ක්‍රියාකාරකම් විශ්වාසවන්ත සහකරුවෙකුට සීමා කිරීමටත් ලිංගික ඇසුරකදි කොන්ඩම් භාවිතයත් සිදු කරන්න

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *