බබාගේ ඇඳුම් සේදීමට රෙදි සෝදන කුඩු භාවිතය සුදුසු ද?

Categories වැදගත් උපදෙස්Posted on

බබාලගේ රෙදි සෝදද්දී ඔයාට ඇති වන ගැටළුවක් තමයි රෙදි සෝදන කුඩු බබලගේ ඇඳුම් වලට යෙදීම සුදුසු ද? නැද්ද? කියන එක. මොකද සමහර වෙලාවට ඒවා භාවිතයෙන් බබාට විවිධ ආසාත්මිකතා වුණත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බබාගේ රෙදි සෝදන්න මේ දේවල් අඩංගු නැති රෙදි සෝදන කුඩු භාවිතා කරන්න.

– පොස්පේට්

රෙදි සෝදන කුඩුවල ඇති පොස්පේට් වලින් බබාගේ සුමුදු සමේ ආරක්ෂිත බාධකය විනාශ කර,සිරුරේ ඇති ප්‍රතිශක්තීකරණය අඩු කරනවා.

– අධික සුවඳ

බබාලගේ ඇඳුම් සෝදන කුඩු වල සංයුතියේ සුවඳ ද්‍රව්‍ය අඩංගු වූ විට, බබාගේ ශ්වසන පද්ධතියට බලපා, ශ්වසන ආබාධ සහ අසාත්මිකතා ඇතිවීමේ හැකියාව තියෙනවා.

අසාත්මිකතා ඇතිවීමේ හැකියාව අඩුකරන රෙදි සෝදන කුඩු වර්ග වල ගඳ සුවඳක් නැහැ. මෙම රෙදි සෝදන කුඩු වර්ග pharmacy වලින් මිලදී ගන්න ඔයාට පුළුවන්. මේවා අතිරේක පවිත්‍රකාරකයක් ලෙස ක්‍රියා කරන අතර ඉතා හොඳ තත්වයේ රෙදි සෝදන කුඩුවල රසායනික සුවඳ ද්‍රව්‍ය වෙනුවට සාරය අඩංගු වෙනවා.

– ඇඳුම් ප්‍රකෘති තත්වයට පත් කිරීම සහ මෘදු කරවීම

මෙම සංඝටක ඇති රෙදි සෝදන කුඩු භාවිතයෙන්, ඒවා සෝදා හැරීමට අපහසු වීම නිසා, බබාට අසාත්මිකතා ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඔයාගේ බබා වයස අවුරුදු 3ට වඩා අඩු නම්, මෙවැනි සංඝටක අඩංගු රෙදි සෝදන කුඩු භාවිතා නොකරන්න.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *