ගර්භනී සමයේදී වැටි බඩ වැදුණොත් මොකද කරන්නේ?

Categories ගර්භණී සමයPosted on

ගර්භනී සමයේදී ඔයාට විවිධ අනතුරු, ආබාධ හෝ කරදර වැනි තත්වයන් ඇති වෙන්න පුළුවන්. වැටීම් හෝ පහරවල් වැදීම් වැනි දේවල් හැමවෙලේම භයානක වෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් බබා ඔයාගේ කුස තුළ වැඩෙන්නේ water bag එක ඇතුලේ. ඒක හරියට කුෂන් එකක් වගේ. ඒක ඇතුලේ ඉද්දී පොඩි පොඩි ගැස්සිලි, පැද්දිලි බබාට වැඩිය දැනෙන්නේ නැහැ. ඒ හින්දා සුළු වැටීම්, පහරදීම්, ලිස්සා යෑම් ගැන ලොකුවට බිය වෙන්න එපා. හැබැයි ඒ සම්බන්ධයෙන් ඔයාගේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුවත් කිරීම වැදගත්.

ඒ කොහොමවුණත් ඔයාගේ උදරයට පහරක් වැදී ලේ ගැලීම්, වේදනාවන් වැනි සංකූලතා ඇති වුණොත් වහාම රෝහල්ගත වෙන්න. එමෙන්ම හිස, බඩ, පපුව බිමට තදින් වදින සේ ඔයා වැටුණොත් අස්ථි බිඳීමක් වුණත් සිදු වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සැරින් සැරේ ප්‍රසව වේදනාව, තරල කාන්දු වීම හෝ බබාගේ චලනයේ වෙනස්වීම් දැනෙනවා නම් වහාම වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුවත් කරන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *