බබාට එන්නත් ලබා දීමෙන් පසුව ඇති වන වේදනාව අඩු කරන හැටි

Categories වැදගත් උපදෙස්Posted on

බබා ඉපදුණු දවසේ ඉඳලා එන්නත් ලබාදීමක් සිදු කරනවා. ඒ ඇතිවිය හැකි බරපතල රෝග 14කින් බබාව ආරක්ෂා කිරීම සඳහායි. එන්නත් ලබාදීමේදී ඇති වන වේදනාව නිසාම එන්නත් කටුව ලං කරද්දීම බබාලා බිය වෙනවා, අඬනවා. හැබැයි මේ කියන්න යන්නේ. බබාට එන්නත් මඟින් ඇත වන අතුරුආබාධ සහ වේදනාව අඩු කරගන්නේ කොහොමද කියලා.

– එන්නතෙන් පසු බබා අඬලා අඬලා වෙහෙසට පත් වෙනවා. ඒ නිසා බබාට සුවපහසු, අධික රස්නයක් හෝ අෂික සීතලක් නැති, නිහඬ කාමරයක තබන්න. ලිහිල්, සුවපහසු, හුස්ම ගත හැකි ඇඳුම් බබාට අන්දන්න.

– එන්නත ලබා දීමේදී හා පසුව බබාව ඔයා ළඟම තබා ගන්න. ඔයාගේ සම ස්පර්ශය නිසා බබාට සුවපහසුවක් දැනෙනවා. එන්නත ලබාදෙන අවස්ථාවේ අතපය චලනය නොවෙන්න බබාව අල්ලාගෙන සිටීමෙන් වේදනාවට පත්වීම අඩු වෙන්න පුළුවන්. එන්නත ලබා දීමේදී දරුවා තුරුලට ගෙන සනසවන්න.

– බබාගේ අවධානය වෙනතකට යොමු කරන්න

– බබාට මවුකිරි දෙන්න

– එන්නත විද්ද තැන අයිස් කැටයක් තබා හිරිවට්ටන්න,

– එන්නත ලබා දීමෙන් පසු වේදනාව පාලනය කිරීම සඳහා වෛද්‍යවරුන්ට ඖෂධ නියම කළ මුඛ වේදනා නාශක ලබා දෙන්න

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *