බබාට ඔයා විවිධ කැවිලි වර්ග එහෙම හදලා දෙනවනේ. ඒ අතරට එකතු කරගන්න පුළුවන් තවත් රස කෑමක් හදන විදිහ ගැනයි මේ කියන්න යන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය
– ලොකු උකු ටින් කිරි එකකින් 1/2ක්
– සීනි 350g
– හාල්පිටි 500g
– අවශ්‍ය පමණට ලුණු
– කපාගත් කජු ස්වල්පයක්
– කරදමුංගු ඇට 3 ක්
– වතුර (ටින් කිරි එකේ ප්‍රමාණයටම ගන්න )
සාදාගන්න ආකාරය
– හාල්පිටි ටික කබලෙ බැදගන්න.
– වෙනම තාච්චියක් ලිපේ තියලා ටින් කිරි, සීනි හා වතුර දාලා හැඳිගාන්න.
– රස අනුව ලුණු හා කරදමුංගු ටික දාගන්න.
– උතුරනකොට ලිපෙන් බාලා හැඳිගාන්න.
– දැන් කරදමුංගු ඇට අයින් කරලා හාල්පිටි ටික ටික කලවම් කරමින් අලුවා තලපය හදාගන්න.
– පිටි ඉසගත් තැටියකට තුනී කරලා උඩින් තව පිටි ටිකක් ඉහලා උණුවෙන්ම කෑලි කපාගන්න.