බබාට ලේසියෙන්ම ව්‍යායාම හුරු කරන්නේ මෙහෙමයි

Categories වැදගත් උපදෙස්Posted on

ඔයා ව්‍යායාම කරලා නිරෝගී සිරුරක් පවත්වා ගන්නවා වගේම බබාවත් පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න. එතකොට බබා ලොකු වෙනකොට බෝ නොවන රෝග ඇතුළු රෝග රැසකින් ආරක්ෂා වෙන්න පුළුවන්. හැබැයි බබාට ව්‍යායාම පුරුදු කරන එක එතරම් ලේසි දෙයක් නම් නැහැ. මොකද බබා ව්‍යායාම කරන්න කම්මැලි වෙන්න පුළුවන්. ඒ නිසා මේ කියන්න යන්නේ බබාට ලේසියෙන්ම බබාට ව්‍යායාම පුරුදු කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි.

– ඔයා බබාට ආදර්ශවත් වන්න. මොකද බබා හොඳ සහ නරක පුරුදු අනුකරණය කරන්නේ, ඔයාගේ දිහා බලලා. ඔයා ශාරීරිකව ක්‍රියාශීලීව හා විනෝදයෙන් සිටින බව බබා දැක්කොත් ඔවුන් ජීවිත කාලය පුරාම ක්‍රියාශීලීව වෙන්න පුළුවන්.

– ව්‍යායාම ප්‍රවාහන මාධ්‍ය ලෙස භාවිතා කරන්න. බබාව පාසලට රැගෙන යද්දී හැකි තරම් දුරක් පයින් ඇවිදින්න හුරු කරවන්න, බයිසිකලය පැදීමට, විදුලි සෝපානය වෙනුවට පඩි පෙළ භාවිතා කිරීමට හුරු කරන්න.

– ක්‍රියාකාරකම් වලට මුළු පවුලම සම්බන්ධ කරගන්න. එය බබාගේ ව්‍යායාම පුරුදු වෙනස් කිරීමට වඩාත්ම සාර්ථක ක්‍රමයක්. පවුලේ අයත් එක්ක එළිමහන් ක්‍රියාකාරකම්, පිහිනුම් වැනි ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වන්න.

– බබාලා විනෝද වෙන්න හරි කැමතියි. ඒ නිසා ඔවුන් විනෝද වන ක්‍රියාකාරකමක් කරන්නේ නම් ඔවුන් දිගටම ව්‍යායාම කිරීමට ආස කරනවා. ඔයාට පුළුවන් බබා එක්ක සංගීතය සමඟ නර්තන සාදයක් පවත්වන්නත්.

– ක්‍රියාකාරකමට සම්බන්ධ වීමට බබාගේ මිතුරන්ට ආරාධනා කරන්න. තව පිරිසක් සමඟ එකතු වී ව්‍යායාම වල නිරත වීම බොහෝ විට බබාට විනෝදයක් වේවි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *